Editor

Editor

ඇමෙරිකානු මධ්‍යම බුද්ධි අංශයේ (සීඅයිඒ) හිටපු නිලධාරිවරයකුට පරිගණක පද්ධතිවලට ප්‍රහාර එල්ල කිරීමට (සයිබර් ප්‍රහාර) යොදාගන්නා මෙවලමක් සම්බන්ධ තොරතුරු විකිලීක්ස් වෙබ් අඩවියට ලබා දීමේ වරදට වසර 40 ක සිර දඬුවමක් නියම කිරීමට ඇමෙරිකානු අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ.

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ එක් වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක් බවට තොරතුරු හෙළිවී තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන දෙයක් සහ ස්වාභාවික රක්ෂිතයක් රැම්සාර් සම්මුතිය යටතේ නව තෙත් බිම් කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම ට වනජීවි දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

දරිද්‍රතාවය අවම කිරීම, ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ස්වභාවික සම්පත් වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටින ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම (CGIAR ) සිය නිෂ්පාදන හවුල්කාරිත්වයේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන්

සෙනසුරාදා, 03 පෙබරවාරි 2024 08:47

ඇමැති කෙහෙළිය අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිකුරාදා, 02 පෙබරවාරි 2024 09:19

තායි මැතිවරණය ජයගත් පක්ෂයට වාරණයක්

ඉකුත් වසරේ තායිලන්තයේ මහ මැතිවරණයෙන් ජයගත් ප්‍රෝග්‍රෙසිව් මූව් ෆෝවඩ් පක්ෂය විසින් එරට ක්‍රියාත්මක වන රජ පවුල විවේචනය කරන්නන්ට එරෙහි නීතිය වෙනස් කිරීමට ගෙන යන ක්‍රියාදාමය නතර කරන ලෙස තායිලන්ත ව්‍යවස්ථා අධිකරණය විසින් ඊයේ (31) නියෝග කර තිබේ.

සමාජ මාධ්‍ය ජාල හේතුවෙන් සිය දරුවන්ට හානි සිදු වී ඇතැයි පවසා ඇති පවුල්වලින් ෆේස්බුක් (වර්තමානයේ මෙටා) හා ඉන්ස්ටග්‍රෑම් යන ලොව ප්‍රබල සමාජ මාධ්‍ය ජාලවල හිමිකරු වන මාක් සකර්බර්ග් පෙරේදා (31දා) ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.

මෙරට පාසල්වල 1-5 ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත්

දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ටතම මාතෘ රෝහල වන කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස දිනෙක සෞඛ්‍ය සේවාවට එක්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

සිකුරාදා, 02 පෙබරවාරි 2024 09:08

සෞඛ්‍ය සේවක වර්ජනය හෙටත්

සෞඛ්‍ය සේවකයින් විසින් අද උදෑසන 6.30ට ආරම්භ කළ සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට දිනයේත් සිදුකරන බව එම සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website