×

පණිවුඩය

The previous listing was the first listing in the category. There are no listings before the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

සෙනසුරාදා, 03 පෙබරවාරි 2024 08:58

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප‍්‍රධානියා මෙන්න.. ඔහු හිටපු පොලිස් ලොක්කෙක්… Featured

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ එක් වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක් බවට තොරතුරු හෙළිවී තිබේ.

මෙම ඝාතනයේ අනිත් වෙඩික්කරු රටින් පලා ගොස් ඇති බවට තොරතුරු ද විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇති අතර ඔහු නාවික හමුදාවෙන් පැනගිය ගම්පහ අයෙකි. මෙසේ රටින් පලා ගොස් ඇත්තේ යැයි කියවෙන්නේ පංච පුද්ගල ඝාතනයෙන් පසු කඹුරුපිටිය නගරයෙන් ජීප් රථයෙන් බැස මාතර බලා ගමන් කරන බස් රථයකින් පලා ගිය පුද්ගලයාය.

ඔහු රටින් පලා ගොස් ඇතැයි පැවසෙන්නේ ගුවන්තොටුපල හරහා එම වෙඩි ප්‍රහාරයෙන් සතියකට පමණ පසුව යැයිද විමර්ශන තොරතුරු අනාවරණය කළේය.

 දැනට මෙරට රැඳී සිටින බවට විශ්වාස කරන දෙවැනි වෙඩික්කරු වන වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයා කොස්ගොඩ සුජී සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයා මෙම පස් පුද්ගල ඝාතනයේ මෙරට සිටින මහ මොළකරු ලෙස විමර්ශන කණ්ඩායම් විසින් හඳුනාගෙන ඇත.

ඒ අනුව පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු මෙම හිටපු පොලිස් පරීක්ෂකවරයා බව විමර්ශන නිලධාරීන්ගේ මතය වී තිබේ. මෙම පුද්ගලයා ප්‍රහාරයට ගමන් ගත් ජිප් රථයද පදවා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ආරක්ෂක කැමරා දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් මෙම වෙඩික්කරුව හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

1983 උපත ලද මොහු නමින් රන්මුණි මහේෂ් හේමන්ත ද සිල්වාය. මෙම පුද්ගලයා ඌරගස්මන්හන්දිය පුවක්ගහවත්ත, මාකන්දන, ප්‍රදේශයේ පදිංචිකරුවකු බව උසස් පොලිස් නිලධාරික් සඳහන් කළේය.

මෙම පුද්ගලයා පොලිස් සේවයට බැඳී ඇත්තේ 2007 වර්ෂයේ දීය. ඒ උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙසිණි.

කොස්ගොඩ සුජී සහ ඔහුගේ ප්‍රධාන ගෝලයෙක් වන ඌරගහ මයිකල් නමැත්තන් සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති මිනිස් ඝාතන වෙඩි තැබීම් ඇතුළු අපරාධ රැසකට ආධාර හා අනුබල දුන් අයෙක් ලෙසද මෙම පුද්ගලයාව හඳුනාගෙන තිබේ. වැඩ තහනමකට ලක්ව ඇත්තේ එම අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් අපරාධවල නිරත වූ අයෙක් වූ බැවිනි.

මෙම පුද්ගලයා මෑතකදී ඔහු සමඟ පොලිස් සේවයේ සිට සමකාලීන නිලධාරියකු මුණගැසී මානසික පීඩනයකින් සිටින බව සඳහන් කරමින් එම නිලධාරියා නවාතැන් ගෙන සිටින කොළඹ පිහිටි පොලිස් නිල නිවසකද රැඳී සිට ඇති බව අනාවරණය වී තිබේ. එම නිලධාරියා රථවාහන අංශයක ස්ථානාධිපතිවරයෙකි. මෙම සැකකරු කොළඹ එම නිලධාරියාගේ නිල නිවසේ නවාතැන් ගෙන සිට ඇති බව අනාවරණය වී ඇත්තේ දුරකථන ජාල විශ්ලේෂණයකදී එම නිලධාරියාගේ දුරකථනය හා ඔහුගේ දුරකථනය සම්බන්ධ වී ඇති බව හෙළිවීමෙන් පසු ඒ ගැන අදාළ නිලධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය.

මේ අතර ⁣පොලීසිය ඊයේ මාධ්‍යට ඡායාරූපයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ආන්දෝලනාත්මක ඝාතන විමර්ශනයක් සම්බන්ධයෙන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට මහජන සහාය අපේක්ෂා කරන බවය.

 ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් තොරතුරු ලබාදීමට කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියකුට අයත් ජංගම දුරකථන තුනක්ද ප්‍රසිද්ධ කර තිබුණි. එම දුරකථන අංක වන්නේ 0742 226 022 /0718 591 492 /0718 594 455 වේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website