Editor

Editor

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස ප්‍රකාශකර සිටි ඇමැති මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් ඊයේ (01 දා) එම ධූරයෙන් ඉවත්වී ඇත.

බ්‍රහස්පතින්දා, 01 පෙබරවාරි 2024 12:01

ඉම්රාන් ඛාන්ට වසර 14ක තවත් සිරදඬුවමක්

පෙරේදා (30 දා) දිනයේ වසර 10ක සිර දඬුවමක් නියම වූ පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට තවත් වසර 14ක සිරදඬුවමක් නියම කිරීමට පකිස්ථාන අධිකරණයක් විසින් ඊයේ (31) පියවර ගෙන තිබේ.

බ්‍රහස්පතින්දා, 01 පෙබරවාරි 2024 11:59

ඉන්ධන මිල සංශෝධනයක්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දමා ඇත.

බ්‍රහස්පතින්දා, 01 පෙබරවාරි 2024 11:57

විදෙස් ගමන් බලපත් ගාස්තු ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා තිබේ.ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් දහ දෙනෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කරන ලෙස හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 7 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31දා) නියෝග කළේය.

උරුමය පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන් බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.

බදාදා, 31 ජනවාරි 2024 10:48

යුරෝපා ගොවීන් විරෝධතාවක

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් ගණනාවක ගොවීන් සිය දහස් ගණනක් පෙරේදා (29දා) දිනයේ සිට අධිවේගී මාර්ග අවහිර කරමින් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දෙන ලෙස එම රටවල රජයන්ට බලපෑම් කිරීමේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ.

ලොව ප්‍රධාන පෙළේ ජපන් මෝටර් රථ සමාගමක් වන ටොයෝටා සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ භාවිත වන සිය පැරණි මාදිලියේ මෝටර් වාහන 50,000ක තිබෙන වායු බෑග් (එයාර් බෑග්) පිපිරීමෙන් ඒවායේ හිමිකරුවන් මියයෑමට ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලොව ප්‍රබල සමාජ මාධ්‍ය ජාලයක් වන ‘X’ (කලින් ට්විටර්) මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වන ප්‍රකෝටිපති එලොන් මස්ක්ට අයත් ‘නියුරලින්ක්’ ස්නායු තාක්ෂණ ආයතනය මගින් ලොව ප්‍රථම වරට සාර්ථක ලෙස සංකීර්ණ ස්නායු ආබාධයකින් පෙළෙන රෝගියකුගේ මොළයට එහි ක්‍රියාකාරිත්වය පාලනය කළ හැකි කුඩා කෘත්‍රීම මෙවලමක් (චිප්) බද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website