බ්‍රහස්පතින්දා, 01 පෙබරවාරි 2024 12:01

ඉම්රාන් ඛාන්ට වසර 14ක තවත් සිරදඬුවමක් Featured

පෙරේදා (30 දා) දිනයේ වසර 10ක සිර දඬුවමක් නියම වූ පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට තවත් වසර 14ක සිරදඬුවමක් නියම කිරීමට පකිස්ථාන අධිකරණයක් විසින් ඊයේ (31) පියවර ගෙන තිබේ.

අගමැති ධුරය දැරූ කාලයේ විදෙස්වලින් පකිස්ථාන රජයට ලැබුණු ත්‍යාග සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම හෝ අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් ඉම්රාන් ඛාන්ට හා ඔහුගේ බිරිය වන බුෂ්රා බිබිට වසර 14කසිර දඬුවමක් මේ යටතේ ලබාදී තිබේ. දැනට දූෂණ චෝදනා මත වසර තුනක සිරදඬුවමක් විඳිමින් සිටින හිටපු පකිස්ථාන අගමැති ඛාන්ට රාවල්පිණ්ඩි බන්ධනාගාරයේ පිහිටුවා ඇති විශේෂ අධිකරණයක් මගින් රාජ්‍ය රහස් පිටතට ලබා දීමේ චෝදනාව මත පෙරේදා වසර 10 ක සිර දඬුවමක් නියම කර තිබිණි. එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇති ඛාන් හා ඔහුගේ පකිස්ථාන් ටෙහ් රීක් ඊ ඉන්සාෆ් පක්ෂය එම සියලු චෝදනා දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බව පවසා තිබේ.

ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website