බ්‍රහස්පතින්දා, 01 පෙබරවාරි 2024 11:55

සීඅයිඩිය ළඟ සත්‍යග්‍රහ කළ වෛද්‍ය චමල් ඇතුළු 10ක් අත්අඩංගුවට Featured

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් දහ දෙනෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අද දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් මොවුහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඊයේ දහවල් සිට සත්‍යග්‍රහයේ නිරතව සිටියහ.

හේමන්ත රන්දුණු

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website