බදාදා, 31 ජනවාරි 2024 10:44

එලොන් මස්ක්ගේ ස්නායු තාක්ෂණ ආයතනයෙන් රෝගියකුගේ මොළයට චිප් එකක් බද්ධ කරයි Featured

ලොව ප්‍රබල සමාජ මාධ්‍ය ජාලයක් වන ‘X’ (කලින් ට්විටර්) මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වන ප්‍රකෝටිපති එලොන් මස්ක්ට අයත් ‘නියුරලින්ක්’ ස්නායු තාක්ෂණ ආයතනය මගින් ලොව ප්‍රථම වරට සාර්ථක ලෙස සංකීර්ණ ස්නායු ආබාධයකින් පෙළෙන රෝගියකුගේ මොළයට එහි ක්‍රියාකාරිත්වය පාලනය කළ හැකි කුඩා කෘත්‍රීම මෙවලමක් (චිප්) බද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අදාළ මෙවලම බද්ධ කළ රෝගියා සාර්ථක ලෙස සුවය ලබමින් සිටින බව සිය ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් එලෝන් මස්ක් පවසා තිබේ. මෙසේ බද්ධ කර ඇති මෙවලම රැහැන් රහිත (වයර්ලස්) එකක් බවද මස්ක් විසින් පවසා තිබේ. ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය මගින් ඉකුත් වසරේ මැයි මාසයේදී මස්ක්ගේ නියුරලින්ක් ආයතනයට මෙම කෘත්‍රීම මෙවලම මනුෂ්‍යයන් සඳහා අත්හදා බැලීමට අවසරය ලබා දී තිබිණි.

ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website