බදාදා, 31 ජනවාරි 2024 10:47

ඇමරිකාවේ ටොයෝටා වාහන 50,000 කට ටොයෝටා සමාගමෙන් අනතුරු ඇඟවීමක් Featured

ලොව ප්‍රධාන පෙළේ ජපන් මෝටර් රථ සමාගමක් වන ටොයෝටා සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ භාවිත වන සිය පැරණි මාදිලියේ මෝටර් වාහන 50,000ක තිබෙන වායු බෑග් (එයාර් බෑග්) පිපිරීමෙන් ඒවායේ හිමිකරුවන් මියයෑමට ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම වායු බෑග් පිපිරීමේ අවදානම හේතුවෙන් ඒවා අලුත්වැඩියා කිරීමෙන් තොරව භාවිත නොකරන ලෙසද ටොයෝටා සමාගම විසින් එම වාහන හිමිකරුවන්ට දැනුම් දී තිබේ. 2003 සිට 2004 දක්වා කාල සීමාවේ වෙළෙඳපළට නිකුත් කර ඇති ටොයෝටා කොරොල්ලා, කොරොල්ලා මැට්‍රික්ස් හා ආර්ඒවී 4 මාදිලියේ මෝටර් වාහන 50,000 ක අයිතිකරුවන් වෙත මෙම දැනුම් දීම කර තිබේ.

මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ ටොයෝටා සමාගම විසින් 2003 -2004 කාලසීමාව තුළ නිපදවා වෙළෙඳපළට නිකුත් කර ඇති වාහනවල සවි කර ඇති මෝටර් රථ අමතර කොටස් සමාගමක් වන ටකාටා සමාගම විසින් නිමවූ වායු බෑග්වල ප්‍රමිතිය සම්බන්ධ ගැටලුවක් හේතුවෙනි.

2009 වසරේ සිට මේ දක්වා ටකාටා සමාගම විසින් ටොයෝටා වර්ගයේ වාහන සඳහා නිපදවූ වායු බෑග් පිපිරීමෙන් 30 දෙනකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. වායු බෑග් පිපිරීමෙන් එතුළ තිබෙන තියුණු ලෝහ කොටස් විසිවීමෙන් මෙම මරණ සිදුව ඇතැයි සමාගම සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website