දකුණු බ්‍රසීලයේ පෝටෝ ඇලග්‍රේ නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු මියගොස් තවත් 13දෙනෙකු තුවාල ලැබ ඇත.
ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක්වන උම්ම් ෆහාඩ් (Umm Fahad) නැමැති කාන්තාව ඝාතනය කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්හට www.garusaru.lk වෙබ් අඩවිය හඳුන්වාදීම සහ ඔවුන් ඊට ඇතුළත් කර ගැනීම රත්නපුර වෙරලුපේ සෙන්චූරියා හෝටලයේ පැවති ජයගමු ශ්‍රී ලංකා – ජන මාධ්‍ය හමුවේදී සිදුවිය.
ජනගහනය වයස්ගත වීම මධ්‍යයේ ඉහළ නිපුණතා සහිත වෘත්තිකයන් ඇතුළු මානව ප්‍රාග්ධනය රටෙන් ඉවතට ගලා යෑම ආර්ථිකය යථාතත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සඳහා පවතින ප්‍රධාන අවදානමක් බව මහ බැංකුව පවසයි.
සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී එය විනිවිද භාවයකින් සිදු කෙරුණ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
මේ දිනවල පවතින වැසි සමඟ අකුණු අනතුරු ඇතිවීමේ වැඩි ඉඩක් ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ වියාපෘතිය මගින් සිදුකරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (27) පස්වරු 05.00 සිට අනිද්දා (28) පෙරවරු 07.00 දක්වා පැය 14ක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.
දරුණු හදවත් රෝගයකින් පීඩා විඳිමින් සිටි පාකිස්තාන ජාතික 19 හැවිරිදි තරුණියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමේ පුවතක් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කළේය. ඇයට බද්ධ කර ඇත්තේ නවදිල්ලි නුවර මොළය මිය ගිය 69 හැවිරිදි පුද්ගලයකුගේ හදවතක් බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලය විසින් එරට පුරවැසියන්ට සංචාරය කිරීම අනතුරුදායක බවට ලැයිස්තුගත කර ඇති රටවල් අතරට පසුගියදා පාකිස්තානය ද ඇතුළත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සමඟ