ඉරිදා, 28 අප්‍රේල් 2024 11:17

ඉරාකයේ ජනප්‍රිය ටික් ටොක් තරුවක් ඝාතනය කෙරේ Featured

ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක්වන උම්ම් ෆහාඩ් (Umm Fahad) නැමැති කාන්තාව ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ෆහාඩ්ට වෙඩි තබා පළාගොස් ඇති බව එරට පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මෙහෙයුම්ද ආරම්භ කර තිබේ.

ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා විනීතභාවය සහ සදාචාරයට පටහැනි ආකාරයේ වීඩියෝ පට හුවමාරු කිරීම හේතුවෙන් උම්ම් ෆහාඩ්ට මීට පෙර එරට අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම්ද නියමකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසීය.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website