බදාදා, 01 මාර්තු 2023 09:02

විදුලි බිල අඩු කර ගන්නේ කොහොමද?? Featured

මේ මොහොතේ ලංකාවේ අපට පාවිච්චි කරන විදුලි ඒකකයට ගෙවන්න වෙන වැඩිම මිල ගෙවන්න සිදුවෙලා.ඒ නිසා අපි තිරණය කළා ඔයාලගෙ විදුලි බිල අඩුකරන ක්‍රමවේදයන් (tips 10 ) ගැන කතා කරන්න.

1.බල්බ් මැනේජ්මන්ට්

ෆිලමන්ටල්,CFL,ටියුබ් බල්බ් වලට සමු දී LED බල්බ් වලට මාරු වෙන එක තමයි මුලින්ම අපි කරන්නම ඕනි. ගෙදරක සාලයේ,බාත්රූම් එකේ, කිචන් එකේ,කාමර වල වැඩිපුර වේලාවක් විදුලි බල්බ් දල්වා තියෙනවා. විශේෂයෙන් මේ වගේ ස්ථාන වලටවත් ෆිලමන්ටල් ,CFL,ට්යුබ් බල්බ් පාවිච්චි කරන එක නවත්වන්න ඕනේ.මේවා පාවිච්චි කිරිම තුලින් විශාල විදුලි ඒකක ප්‍රමාණයක් වැය වෙනවා.ඒ නිසා දීප්තියෙන් සමාන, අඩු වෝල්ට් ප්‍රමාණයක් වැය වෙන LED බල්බ් වලට මාරු වෙන එක වඩා හොදයි. ඉහත සඳහන් කරපු ස්ටැන්ඩර්ඩ් බල්බ් එකක බ්‍රයිට්නස් එක 50ක් ලබා ගන්න වොට් 25ක් වැය වෙනවා.ඒ වගේම CFL බල්බ් එකකින් වොට් 6ක් වැය වෙනවා. LED බල්බ් එකකින් වොට් 4 යි වැය වෙන්නෙ. අපි හිතමු ඔයාට බ්‍රයිට්නස් එක 1600 ක් ඕනි කියලා. ස්ටෑන්ඩඩ් බල්බ් එකක වොට් 100 ක් වැය වෙනවා. ඒ වගේම CFL බල්බ් එකකින් වොට් 25 ක් වැය වෙනවා.LED බල්බ් එකකින් වොට් 20 යි වැය වෙන්නෙ. මේ නිසා LED බල්බ් වලට මාරුවීම ඉතාම හොද හොද ක්‍රමයක්.

 

02. TV එක ස්ටැන්ඩර්ඩ් මෝඩ් එකේ තියන්න එපා .

බොහෝ වෙලාවට අපි TV එක ස්ටැන්ඩර්ඩ් මෝඩ් එකේ තියන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ රිමෝට් එකෙන් විතරක් ඕෆ් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔයාල දන්නෙ නැති වුනාට මේ මගින් ද දවසට වොට් 10 ක්15 ක් විතර නිකරුණේ වැය වෙනවා. ඒ නිසා රිමෝට් එකෙන් ඕෆ් කරලා ප්ලග් එකෙනුත් ඕෆ් කරන්න පුරුදු වෙන්න.

 

03. ශිතකරණය ( Fridge) එක මැනේජ් කර ගන්න.


මුලුතැන් ගේ වැඩිපුර විදුලිය වැයවෙන අයිටම් එකක් තමයි ශීතකරණය.  ඒ නිසා ෆ්‍රිජ් එක හොදින් මැනේජ් කරන එක ඉතාම වැදගත්. ෆ්‍රිජ් එක තියෙන තැන සහ බිත්තිය අතර දුර ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනි. බිත්තියකට හේත්තු කරලා, බ්ත්තියක් මුල්ලේ, බ්ත්තියට ලං කරලා ෆ්‍රිජ් එක තියන්න එපා. බ්ත්තිය සහ ෆ්‍රිජ් එක අතර පරතරය අඩි1 2/1 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි අනිවාර්යයෙන්. එකට හේතුව එකේ කුලර් සිස්ටම් එක තියෙන්නේ පිට් පස්සේ.බිත්තියකට ළං වුනාම ඒ අවට හීට් එක වැඩි නිසා කුල් කරන්න වැඩිපුර වොට් ප්‍රමාණයක් වැය වෙනවා.
තවත් දෙයක් තමයි ෆ්‍රිජ් එක ඕපන් කරන වාර ගණන ගැන සැලකිලිමත් වෙන්න. ඔයා වැඩි වාර ගණනක් ඕපන් කළොත් වැඩි වොට් ප්‍රමාණයක් වැය වෙනවා.අඩු වාර ගණනක් ඕපන් කළොත් අඩු වොට් ප්‍රමාණයක් වැය වෙනවා.මේ නිසා ආහාර සකස් කිරිමට


අවශ්‍ය ද්‍රව්‍ය එක වර එලියට ගන්න පුරුදු වෙන්න කියලා අපි ඔයාට යෝජනා කරනවා.

 

04. විදුලිය පරිභෝජනය පාලනය කර ගන්න..

අපි හැමෝම හොදින් දන්නවා ඉලෙක්ට්‍ර්‍සිට් යුට්ලයිට් ස්ලොට් තුනකට බෙදා තියෙනවා කියලා. ඒ තමයි ඩේ,පීක්,ඕෆ් පීක්,ඩේ විදියට ගන්නෙ උදේ 5.30 සිට සවස 6.30 දක්වා කාලය. පීක් වේලාව සවස 6.30 ත් රාත්‍රි 10.30 ත් අතර කාලය. ඕෆ් පීක් රාත්‍රි 10.30 සිට උදේ 5.30 කාලය. පීක් ටයිම් එකේදී තමයි යුනිට් එකකට ගෙවන්න වෙන කොස්ට් එක වැඩිම. ඒ නිසා ගෙදර පාවිච්චි කරන වැඩි වොට් ප්‍රමාණයක් වැය වෙන ඉක්විප්මන්ට් යුනිට් කොස්ට් එක අඩුම වෙලාව වන රාත්‍රි 10.30 ත් උදේ 5.30 ත් අතර පාවිච්චි කරන එකත් විදුලි බිල අඩු කරන්න පාවිච්චි කරන්න පුලුවන් tip එකක්.

 

05. වායු සමීකරණයන් AC පාලනය කර ගන්න.

අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙනවා AC එක 15 / 18ක් අතර අඩු කරන්න. මේ නිසාත් වැඩි වොට් ප්‍රමාණයක් වැය වෙනවා. නියමිත විදියට රූම් එක සීල් කරලා තියෙනවා නම් AC එකේ සෙට් පොයින්ට් එක 24, AC එකට වැය වෙන වොට් ප්‍රමාණයක් අනිවාර්යයෙන් අඩු කරගන්න නම් සෙට් පොයින්ට් එකේ AC එක තියාගන්න වග බලා ගන්න.ඒ වගේම රූම් එක හොදින් සීල් කරන එකත් වැදගත්. තවත් කාරණයක් තමයි ඩස්ට් කවර් එක අනිවාර්යයෙන් සති දෙකත් හතරත් අතර ක්ලීන් කර ගන්න. ඔන්ටයිම් සර්විස් එකත් කරන්නත් අමතක කරන්න එපා. මේ විදියට AC එක මැනේජ් කර ගත්තොත් විදුලි බිල අඩු ‍රේන්ජ් එකක තියාගන්න පුලුවන් වෙනවා.

 

06. අනවශ්‍ය බල්බ් නිවන්න.

බොහෝ වෙලාවට අපේ නොසැලකිලිමත් බව විදුලි බිල වැඩි වෙන්න බලපාන තවත් විශේෂ කාරණයක්. ඒ නිසා මුලුතැන්ගෙයි,නිදන කාමරයේ,බාත්රූම් එකේ බල්බ් නිවන එක ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. අදාල වැඩේ ඉවර වුනාම බල්බ් නිවලා ඒ තැනින් පිට වෙන්න වග බලා ගන්න.

 

07. මල්ට් ප්ල්ග් පාවිච්චියෙන් ඉවත් වෙන්න.

හයි වොට් වැය වෙන ඉක්විප්මන්ට් සඳහා හා මල්ට් ප්ල්ග් පාවිච්චි කරන කොට ලූස් කනෙක්ෂන්, ස්පාක් නිසා නිතරම ඇම්පියර් ලොස්ට් වෙනවා. විදුලි බිල වැඩි වෙන්න මේකත් එක හේතුවක්. මේ නිසා හැකි තරම් ම්ල්ට් ප්ලග් පාවිච්චියෙන් ඉවත් වෙන්න.

 

08. ලැප් එකට මාරු වෙන්න.

ඩෙක්ස්ටොප් කොම්පියුටර් එකකට වැය වෙන වොට් ප්‍රමාණය ලැප් එකකට යන වොට් ප්‍රමාණයට වඩා වැඩියි. මේ නිසා විදුලි බිල ගැන සැලකිලිමත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඩෙක්ස්ටොප් එක පාවිච්චිය අඩු කරලා ලැප්ටොප් එකට මාරු වෙන්න.

 

09. Float switch එකේ ඔන්, ඕෆ් එක ගැන සැලකිලිමත් වන්න.

අපි බොහෝ වෙලාවට ලිදකින් ටැංකියකට වතුර පම්ප් කරන motor එකක් පාවිච්චි කරනවා. motor එකටත් වැඩිපුර වොට් ප්‍රමාණයක් වැය වෙනවා. මෝටර් එකෙන් වතුර පිරෙන එක කන්ට්‍රෝල් කරන්න float system එකක් පාවිච්චි කරනවා. මේකෙන් වෙන්නේ ටැංකියේ වතුර අඩු වෙනකොට ඔටෝ මෝටරේ ඔන් වෙන එකයි, පිරිලා අවසන් වුණාම මෝටරේ ඔටෝ ඕෆ් වෙන එකයි. ටැංකියේ වතුර තුන් තුන්කාලක් අඩු වූ විට ඔන් වෙන්න මේ සිස්ටම් එක අපි හදාගන්න ඕනි එහෙම නොවුණොත් මෝටර් එක වැඩි වාර ගණනක් ඔන් වෙන නිසා වැඩිපුර කරන්ට් යන එක වැඩි වෙනවා මේ නිසා අනිවාර්යයෙන්ම float switch එකේ ඔන් ඔෆ් එක ගැන සැලකිලිමත් වෙන්න.

 

10. අත්‍යවශ්‍යම භාණ්ඩ පාවිච්චි කරන වාර ගණන අඩු කරන්න.

මේ මගින් ද අපට විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරගන්න පුලුවන්. සතියටම අවශ්‍ය ඇඳුම් off peak වෙලාවෙදි මැද මැද ගන්න. ඒ වගේම ෆ්රිජ් එකේ තියලා නැවත පාවිච්චියට කෑම ගන්නකොට අපි අවන් එකට දාලා රත් කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේ නිසාත් වැඩිපුර කරන්ට් එක වැයවෙනවා. මේ සඳහා විකල්ප ක්‍රම වලට යන එක වඩා වැදගත්. ඒ වගේම වතුර රත් කරන්න heater jug පාවිච්චි කරනවා. මේ සඳහාත් වැඩි vot ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා තරමක් විශාල උණුවතුර ප්ලාස්ක් එකක් පාවිච්චියට ගන්න. heeter jug පාවිච්චියට ගන්න වාර ගණන අඩු වීම නිසා වැඩි වොට් ප්‍රමාණයක් අපිට ඉතිරි කරගන්න පුළුවන්.

 

ඔබ නිවසේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ සිට ඉහල මාලයක ඇති overhead tank එකකට වතුර පොම්ප කරනවා නම් රාත්‍රි 10.30 න් පසු pump කරන්න.

ඔබ විදුලි ලිප් පරිහරනය කරනවා නම් වහාම ගෑස් ලිපකට මාරැ වන්න.

රාත්‍රි කාලයට එලියේ සියලුම විදුලි පහන් නිවා ආරක්ෂාව සදහා පමණක් එක් විදුලි පහනක් දල්වා තබන්න.

ගෙදර ලයිට් බිල අඩු කරවන නොවරදින උපක්‍රම මේවා තමයි.
මූලාශ්‍රය :-
News Mania.lk

Last modified on බදාදා, 01 මාර්තු 2023 10:09

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website