සිකුරාදා, 31 මැයි 2024 10:56

ලොකු ඇමතිකමකට විමල් ආණ්ඩුවට කැදවයි.. Featured

තමන්ට ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා ලැබෙමින් ඇති බවත් ආණ්ඩුවට එක්වුවොත් ප්‍රභලම ඇමති ධුරයක් පවා ලබා ගැනීමට හැකියාව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

විපක්‍ෂයේ පක්‍ෂද තමනට ඔවුන් හා එක්වන්නයි ආරාධනා ඇති බවත් එසේ එක් වුවද ඉහළ ස්ථානයක් ලබාගන්නට හැකි බවත් ඔහු පැවසීය.

 නමුත් තමන් දරන මතවාදය එලෙසම පවත්වාගෙන යනවා මිස දේශපාලන වාසිය සඳහා මතවාදයන් වෙනස් කිරීම සූදානම් නැති බවද ඔහු කියා සිටියි.

 ඔහු මේ බව කියා සිටියේ දෙරණ නාලිකාවේ තුන්සිය හැට වැඩසටහන සමග එක්වෙමිනි.

 අද ජනතා විමුක්ති පෙරමුණ මතවාදයන් ස්ථාවරයන් අමු අමුවේ වෙනස් කරගෙන ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.

 නමුත් මේ මොහොතේ දේශපාලන වශයෙන් කොතරම් අසිරු වුවත් තමන් දරණ මතවාදය ඒ ආකාරයෙන්ම රැක ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඔහු එහිදී තවදුරටත් එහිදී කියා සිටියේය.

 

 

CN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website