රාජ්‍ය මුද්‍රණාලයට අතිරේක ආරක්ෂාවක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි.
මාර්තු 09 වැනිදාට දින නියම කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත තත්ත්වය මත අපේක්ෂකයන් රැසකගේ රැකියා සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ.
එළඹෙන 22 23 හා 24 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල්දමා තිබේ.
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා සැලසුම් සකස් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය පසුබිමක නව කුමන්ත්‍රණයක් මගින් මැතිවරණයට මුදල් නොදී සිටීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.
පලාත් පාලන මැතිවරණයට අදාලව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලින් සිදු කළ යුතු කටයුතු මේ වනවිට අතරමග ඇනහිට ඇති බව වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට බාධා කිරීම් සම්බන්ධ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මුහුණ දී තිබෙන ගැටලු ගැන සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට අනිද්දා දිනයේ කැඳවූ බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් ලබා දෙන්නැයි කළ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් ප්‍රතිචාර නොලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.