ඉරිදා, 12 පෙබරවාරි 2023 20:09

මැතිවරණ කටයුතු ඇණහිටී.. Featured

පලාත් පාලන මැතිවරණයට අදාලව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලින් සිදු කළ යුතු කටයුතු මේ වනවිට අතරමග ඇනහිට ඇති බව වාර්තා වෙයි.

 ඊට හේතු වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය මුදල් හා ඉන්ධන නොමැති වීමයි. 

මෙම තත්ත්වය පිළිබඳව නැවතත් කරුණු දක්වා මහා භාණ්ඩාගාරයට ලිඛිත ඉල්ලීමක් ඉක්මනින්ම සිදුකිරීමට නියමිතව තිබේ.

මැතිවරණයට අදාළ මුදල් හා ඉන්ධන ලබා දීමට රජය මෙතෙක් ක්‍රියාමාර්ග නොගැනීමෙන් මෙම මැතිවරණ පළාත් පාලන මැතිවරණය කටයුතුවල දැඩි බාධා එල්ල වී ඇත.

මැතිවරණයේ මූලික වියදම් සඳහා රුපියල් කෝටි අසූවක් ඉල්ලා ඇතත් මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් කෝටි දහයක මුදලක් පමණි.

මැතිවරණට අදාලව සිදු කර යුතු මූලික ගෙවීම් සිදු කිරීමට අවශ්‍යව ඇති නමුත් එම කටයුතු ද මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website