සිකුරාදා, 17 පෙබරවාරි 2023 08:10

මුද්‍රණාලයට අමතර ආරක්ෂාවක් දෙන්න… මැතිවරණ කොමිසම පොලිස්පතිගෙන් ඉල්ලයි.. Featured

රාජ්‍ය මුද්‍රණාලයට අතිරේක ආරක්ෂාවක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ , ඊයේ(16) පස්වරුවේ ඊට අදාළ ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කළ බවයි.

ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නොලැබීම නිසා පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු අඩාලවී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානි ලියනගේ මහත්මිය පෙරේදා පැවසුවේ ය.

මේ අතර, අප කළ විමසිමකදී මුද්‍රණාලයාධිපතිනිය ඊයේ රාත්‍රි ප්‍රකාශ කළේ, ඒ වනතෙක් මුද්‍රණාලයට අමතර පොලිස් ආරක්ෂාවක් ලබා දී නොමැති බවයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website