හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට රජය පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද දායකයෙකු ජනාධිපතිවරණයේදි කිසිදු අපෙක්ෂකයෙකුට ජන්දය භාවිතා කිරිමෙන් වැලකි සිටින බව මත්පැන් අලෙවිසැල විවෘත කිරිමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් පිරිසක් පැවසිය.
අප්‍රිකානු මහාද්වීපයෙන් ලොවට ව්‍යාප්ත වූ වඳුරු උණ වයිරසය ආසාදිත තවත් පුද්ගලයකු පාකිස්තානයෙන් හඳුනා ගැනීමටත් සමඟ එරට වඳුරු උණ ආසාදිතයන්ගේ ගණන 4 දක්වා ඉහළ ගිය බවත්, පිලිපීනයෙන් ද තවත් ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනකුගේ සිරුරු දකුණු ගාසා තීරයට අයත් රෆා නගරයේ උමගක තිබී සොයාගත් බවත් එම ප්‍රාණ ඇපකරුවන් හයදෙනා හමාස් සංවිධානය විසින් කුරිරු ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කරයි.
හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීමට යන මුදල් ඇතුළු මහජන මුදල් කාබාසිනියා කිරීම නතර කළහොත් රටට පහසුවෙන්ම මුදල් ලැබෙන බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
ජනාධිපතිවරණයේදී එක් ඡන්ද දායකයකුට අපේක්ෂකයින් තිදෙනෙක් වෙනුවෙන් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.එහිදී 1,2 සහ 3 ලෙස එය සටහන් කළ යුතු බවත් කතිරය ( X) ගසා ඡන්දය සලකුණු කළ හොත් වෙනත් සලකුණ සටහන් කළ නොහැකි බවත් සදහන් කරයි.
මෑත දින කිහිපය ඇතුළත නිරිතදිග පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ සිදුවූ ප්රචණ්ඩ ක්‍රියාවලින් ජීවිත රැසක් අහිමි වීම එම ප්‍රාන්තයේ දශක ගණනාවක් පුරා ඇවිළෙන කැරැල්ලක් බවත්, ඊට එකම විසඳුම ලෙස බලුකිස්තාන විමුක්ති හමුදාව එම කලාපයට ස්වාධීන පාලනයක් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කොට්ටාව මත්තල අධිවේගී මාර්ගයේ 118 කණුව ආසන්නයේදී පාර අයිනේ නවතා තිබූ කාර් රථයක පිටුපසින් ආ ලොරියක් ගැටීමෙන් වාහනේ රියදුරා තුවාල ලබා ඇත. මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද උදෑසන 8.40 පමණය.
හූති කැරලිකරුවන් විසින් ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාවක් රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී පුපුරුවා හැර තිබේ.