සෙනසුරාදා, 31 අගෝස්තු 2024 09:37

අරාබි මුහුදේ සුළි කුණාටු අව­දා­න­මෙන් කරච්චි නුවර පාසල් වැසෙයි Featured

ඉන්දි­යා­ව­ටත් බල­පෑම්

අධික වර්ෂාව සහ කුණාටු සහිත සුළං හේතු­වෙන් අරාබි මුහුදේ ගැඹුරු පීඩන අව­පා­ත­යක් ඇති වී ඇතැයි ද, එය සුළි කුණා­ටු­වක් දක්වා වර්ධ­නය වී රටට කඩා වදිනු ඇතැයි ද පාකි­ස්තා­නයේ කාල­ගුණ විද්‍යා ඒක­කය අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කාල­ගුණ විද්‍යා ඒක­කය විසින් සිදු කරනු ලැබූ අන­තුරු ඇඟ­වී­මත් සමඟ ඊයේ එරට විශා­ල­තම නග­රය වන කරච්චි නුවර සියලු පාසල් වසා දැමී­මට පිය­වර ගෙන ඇති අතර, මේ වන ­වි­ටත් කරච්චි නුවර ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට මිලි­මී­ටර් 147ක ධාරා­නි­පාත වර්ෂා­වක් ඇද හැලෙන බැවින් අරාබි මුහු­දට ආසන්න නග­ර­ව­ලින් දහස් සංඛ්‍යාත ජන­තාව ඉවත් කිරී­මට බල­ධා­රීන් තීර­ණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අරාබි මුහුදේ වර්ධ­නය වෙමින් පව­තින සුළි කුණා­ටුව පිළි­බඳ ඉන්දීය බල­ධා­රීන් ද දැඩි විම­සි­ල්ලෙන් පසු­වන බවත්, එරට ගුජ­රාට් ප්‍රාන්තයේ ඇතැම් පළා­ත්වල පාසල් වසා දැමී­මට පිය­වර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කර ඇත්තේ ගැඹුරු පීඩන අව­පා­තය සුළි කුණා­ටු­වක් දක්වා වර්ධ­නය වී ඉදිරි දෙදින ඇතු­ළත අරාබි මුහුද හරහා වයඹ දෙසට ගමන් කරනු ඇති බවය. ඊයේ රාත්‍රි­යේදී පාකි­ස්තා­නය මෙන්ම ඉන්දි­යාව ද සුළි කුණා­ටුව සිය රට­වල ඇතැම් පළා­ත්ව­ලට කඩා වදිනු ඇතැයි අනා­වැකි පළ කර ඇතැයි ද වාර්තා වේ. ඊයේ උදෑ­සන වන විට ගුජ­රාට් ප්‍රාන්තයේ පළාත් කිහි­ප­ය­කට දැඩි වර්ෂා­ප­ත­න­යක් පැවැති බව ද වාර්තා වේ.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website