සෙනසුරාදා, 31 අගෝස්තු 2024 09:40

බලු­කි­ස්තා­නය වෙනම රාජ්‍ය­යක් ඉල්ලයි Featured

මෑත දින කිහි­පය ඇතු­ළත නිරි­ත­දිග පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලින් ජීවිත රැසක් අහි­මි­ වීම එම ප්‍රාන්තයේ දශක ගණ­නා­වක් පුරා ඇවි­ළෙන කැරැ­ල්ලක් බවත්, ඊට එකම විස­ඳුම ලෙස බලු­කි­ස්තාන විමුක්ති හමු­දාව එම කලා­ප­යට ස්වාධීන පාල­න­යක් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසු­ගි­යදා එම ප්‍රාන්තයේ ක්වේටා- කරච්චි අධි­වේගී මාර්ගයේ ධාව­නය වෙමින් තිබූ මගී ප්‍රවා­හන බස් රථ සහ වෙනත් පෞද්ග­ලික වාහන නවත්වා එහි ගමන් ගත් පුද්ග­ල­යන්ගේ හැඳු­නු­ම්පත් පරීක්ෂා කර බලු­කි­ස්තාන නොවන පුද්ග­ල­යන් වෙඩි තබා ඝාත­නය කිරීමත්, පොලිස් ස්ථාන රැස­කට අත්බෝම්බ ප්‍රහාර සහ හමුදා කඳ­වු­රු­ව­ලට පහ­ර දී සෙබ­ළුන් 60කට වැඩි පිරි­සක් ඝාත­නය කිරී­මත් බලු­කි­ස්තාන විමුක්ති හමු­දාවේ ක්‍රියා­වක් බවට තහ­වුරු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ස්වාභා­වික සම්ප­ත්ව­ලින් සම­න්විත සශ්‍රීක කලා­ප­යක් වන බලු­කි­ස්තා­නයේ සන්නද්ධ අර­ග­ල­යට හේතු වී ඇත්තේ එම ප්‍රාන්තයේ ජන­තා­වට පාකි­ස්තාන රජය විසින් සිදු කරනු ලබන පීඩා­වන් බව­ටත්, එම­ඟින් එම ප්‍රාන්තයේ ජන­තාව දුෂ්ක­රතා රැස­කට මුහු­ණදී සිටින බව­ටත් බලු­කි­ස්තාන විමුක්ති හමු­දාව චෝදනා එල්ල කර ඇතැයි ද වාර්තා වේ.

දේශ­පා­ලන වශ­යෙන් කොන් කිරීම, ආර්ථික වශ­යෙන් සූරාකෑම, ගණන් කළ නොහැකි ප්‍රමා­ණයේ පුද්ගල අතු­රු­ද­න් වීම් සහ නීති­ වි­රෝධී ඝාතන එම ප්‍රාන්තයේ තරු­ණ­යන්ට ආයුධ අතට ගැනී­මට හේතු වී ඇතැයි ද එම සංවි­ධා­නය නිවේ­ද­නය කර ඇතැයි වාර්තා වේ.

gnhmgjghdhhr

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website