සිකුරාදා, 30 අගෝස්තු 2024 09:16

ඊශ්‍රායල හමුදාව බටහිර ඉවුර වටලයි Featured

ඊශ්‍රායල හමුදාව පලස්තීනය පිහිටි බටහිර ඉවුරේ දැවැන්ත ත්‍රස්ත මර්දන මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හමාස් සංවිධානයේ පාලනයට නතු වූ ගාසා තීරයේ යුද මෙහෙයුම් අතරතුර ඊශ්‍රායල හමුදාව බටහිර ඉවුර ආක්‍රමණය කිරීමත්, සැක කටයුතු පුද්ගලයන් ඝාතනය කිරීමත් ජාත්‍යන්තර අවධානයට ලක්වී ඇති අතර,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එම මෙහෙයුම් වහාම නතර කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බටහිර ඉවුරේ ස්ථාන 4ක් ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව සිදු කරන ත්‍රස්ත මෙහෙයුමේ පළමු දිනයේදී සැක කටයුතු පුද්ගලයන් 9 දෙනකු ඝාතනය කර ඇති අතර, දෙවැනි දිනයේදී දේවස්ථානයක සැඟවී සිටි බව කියන තවත් පුද්ගලයන් 5 දෙනකු ඝාතනයට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල හමුදා මෙහෙයුමෙන් බටහිර ඉවුරේ ටුල්කරාම් නුවර නිවාස සහ ගොඩනැඟිලි රැසක් විනාශ වී ඇතැයි ද වාර්තා වේ.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website