බංග්ලාදේශයේ විදේශිකයන්ගේ නිෂ්පාදන හා කර්මාන්ත සමාගම්වල ආරක්ෂාව හා රටේ නීතිය හා සාමය බිඳ වැටීමෙන් විදෙස් ආයෝජකයන් රටින් ඉවත්වීමේ අවදානමක් උද්ගත වී ඇතැයි බංග්ලාදේශයේ මාධ්‍ය වාර්තා කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස්වරයා පවසයි.
පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබේ.
මෙරට ආර්ථිකය පුළුල් කිරීමට සිය රජයක් යටතේ පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, අනුර කුමාර දිසානයක මහතා පවසයි.
ඉල්ලීම් රැසක් මුල් කරමින් විරෝධතාවක නිරතව සිටින ඇඟලුම් සේවක පිරිසක් මධ්‍යම බංග්ලාදේශයේ ගාසිපූර් නුවර පිහිටි ඇඟලුම් ආයතනයක ගබඩාවට ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රජයට මිලියන 700ක් අහිමි කරමින් සිදුකිරීමට නියමිත ප්‍රසම්පදන ගනුදෙනුවක් පිළිබඳව (10) අල්ලස් කොමිෂමට පැමිණිලි කර බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.
රට තියෙන තැනට වඩා රට වෙනස් කිරිමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වීන් සිල්වා මහතා ගාල්ලේ පැවති ජන හමුවකදී පැවසිය .