ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව විසින් පෙරේදා පස්වරුවේ සිට ගුවන් මගින් හෙලනු ලබන අධිබරැති බෝම්බවලින් දකුණු ලෙබනනයේ දරුණු විනාශයක් සිදුවී ඇතැයි ද, පුද්ගලයන් 558 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉරානයේ නැඟෙනහිර පළාතේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් සේවකයන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන් යානා 29ක් සහ නාවික යාත්‍රා 8ක් පසුගියදා තායිවාන ගුවන් හා මුහුදු සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් එරට මුහුදුබඩ පළාත් කේන්ද්‍ර කරගත් මිසයිල පද්ධති සක්‍රිය කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පර්යේෂණ හා ව්‍යාපෘති සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලැබී තිබූ රුපියල් දාහතර ලක්ෂ අටදහස්හාරසිය හැටතුනක මුදලක් වසර හතරකට අධික කාලයක සිට උපයෝජනය කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.