අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා (25 වැනිදා) එම අමාත්‍යාංශයේ පැවැති චාම් උත්සවයක දී සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ගාසා තීරයේ සහ දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධතාව පළ කරමින් යේමනයේ හවුති කැරලිකරුවන් ඊයේ ටෙල් අවීව් නුවරට හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස්දහසක් පෞද්ගලික සමාගම් දෙකකින් මිලදී ගැනීමට පසුගිය ආණ්ඩුව ගනු ලැබූ කැබිනට් මණ්ඩල තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය නිකුත් කරන ලදි.
සංචාරක අමාත්‍යාංශය යටතේ සිදුකෙරෙන සැලකිය යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක දී ප්‍රධාන ආයතනවල හිටපු සභාපතිවරු හතර දෙනෙක් ඉල්ලා අස්වීමට නියමිතය.
ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් ඉදිරිපත්වීමට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් සහ හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා ආරම්භ කර ඇත.
2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් 01 වැනිදා සිට හෙක්ටයාරයකට රු. 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබාදී ඇත.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබෙයි.
ලබන වසරේ පෙබරවාරි දක්වා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ සිරවී සිටීමට සිදුවී ඇති නාසා ආයතනයේ ගගනගාමීන් වන සුනිතා විලියම්ස් සහ බච් විල්මෝර් අමෙරිකාවේ එළැඹෙන ජනාධිපතිවරණයේදී එහි සිට සිය ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ.