සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2024 10:53

යුද­මය වාතා­ව­ර­ණ­යක් පැව­ති­යත් ලෙබ­න­නයේ සිටින ශ්‍රී ලාංකි­ක­යන් ආර­ක්ෂි­තව සිටි­නවා Featured

ලෙබ­න­නයේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය කියයි

යුද­මය වාතා­ව­ර­ණ­යක් පැව­තිය ද ලෙබ­න­නයේ වෙසෙන ශ්‍රී ලාංකි­ක­යින් ආර­ක්ෂි­තව සිටින බව එරට ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය ප්‍රකාශ කරයි.

එරට වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන් සමඟ මේ වන විටත් තානා­පති කාර්යා­ලය සමීප සම්බ­න්ධතා පව­ත්ව­මින් සිටින බව ලෙබ­න­නයේ ශ්‍රී ලංකා තානා­පති කපිල ජය­වීර මහතා සඳ­හන් කරයි.

මෙරට ශ්‍රමි­ක­යින් 7,600කට ආසන්න සංඛ්‍යා­වක් ලෙබ­න­නයේ සේවය කරන අතර, ඔවුන් බොහො­ම­යක් එරට දකුණු ප්‍රදේ­ශ­වල වාසය කරන බවද හෙතෙම පෙන්වා දෙයි.

ඊශ්‍රා­ය­ලය පසු­ගිය දින කිහි­පය තුළ ලෙබ­න­නයේ හිස්බුල්ලා සංවි­ධා­නය ඉලක්ක කර ගනි­මින් ගුවන් ප්‍රහාර දියත් කළ අතර, එරට උතුරු ප්‍රදේ­ශයේ ගැටු­ම්කාරී තත්ත්ව­යක් පව­තින බව සඳ­හන් කරන ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා ගැටුම් පව­තින ප්‍රදේ­ශ­වල ශ්‍රී ලාංකි­ක­යින් ජීවත් නොවන බව ද අව­ධා­ර­ණය කරයි.

ගුවන් ප්‍රහාර හේතු­වෙන් මිය­ගිය පුද්ග­ල­යින් සංඛ්‍යාව 600කට අධික වන අතර, මේ වන විට ලෙබ­න­නය ද ඊශ්‍රා­ය­ල­යට ප්‍රති­ප්‍ර­හාර එල්ල කිරීම ආරම්භ කර ඇති බැවින් කලා­පයේ මතු වී ඇත්තේ ගැටු­ම්කාරී වාතා­ව­ර­ණ­යක් බව කියා සිටී.

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website