සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2024 10:56

ටෙල් අවීව් නුව­රට යේම­න­යෙන් හයි­ප­ර්සො­නික් මිස­යිල ප්‍රහා­ර­යක් Featured

ගාසා තීරයේ සහ දකුණු ලෙබ­න­නයේ ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලට විරෝ­ධ­තාව පළ කර­මින් යේම­නයේ හවුති කැර­ලි­ක­රු­වන් ඊයේ ටෙල් අවීව් නුව­රට හයි­ප­ර්සො­නික් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහා­රය එල්ල කිරි­මට පෙර හවුති සංවි­ධා­නයේ ප්‍රකා­ශ­ක­යකු සමාජ මාධ්‍ය ජාල­යට වීඩියෝ පට­යක් මුදා හරි­මින් ටෙල් අවීව් නුව­රට පහර දෙන බවත්, සිවිල් වැසි­යන් එම ස්ථාන­යෙන් ඉවත් විය යුතු බවත් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඊශ්‍රා­ය­ල­යට එරෙ­හිව සටන් වැදී­මට ඉරා­කයේ ඉස්ලා­මිය සන්නද්ධ කණ්ඩා­ය­මක් ද එක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රා­ය­ලයේ ගෝලන් කඳු­කර පළාත ඉලක්ක කර­මින් ඉරා­කයේ ඉස්ලා­මීය සන්නද්ධ කණ්ඩා­යම පසු­ගි­යදා ඩ්‍රෝන ප්‍රහා­ර­යක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website