සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2024 11:02

විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාරගනී Featured

අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා (25 වැනිදා) එම අමාත්‍යාංශයේ පැවැති චාම් උත්සවයක දී සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඇමැති හේරත් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 2000 වසරේ සිට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කර ඇත. ඔහු මීට පෙර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.

විජිත හේරත් ඇමැතිවරයා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි. මේ අතර විදේශ ලේකම් ලෙස අරුණි විජේවර්ධන මහත්මිය ද ඊයේ වැඩ භාර ගත්තාය.

DVN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website