සිකුරාදා, 27 සැප්තැම්බර් 2024 10:57

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිරවී සිටින ගගනගාමීන්ටත් අමෙරිකාවේ ජනාධිපතිවරණයට ඡන්දය දැමීමට අවසර Featured

ලබන වසරේ පෙබරවාරි දක්වා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ සිරවී සිටීමට සිදුවී ඇති නාසා ආයතනයේ ගගනගාමීන් වන සුනිතා විලියම්ස් සහ බච් විල්මෝර් අමෙරිකාවේ එළැඹෙන ජනාධිපතිවරණයේදී එහි සිට සිය ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පෘථිවියේ සිට කිලෝමීටර් 250ක් උඩුගුවනේ සිටිය ද ඔවුන්ට සිය ඡන්දය භාවිත කිරීමට නාසා ආයතනයෙන් අවසර ලැබෙනු ඇතැයි වාර්තා වේ. අභ්‍යවකාශයේ සිට ඡන්දය භාවිත කිරීමේ වරප්‍රසාදය නාසා ආයතනය 1997 සිට ක්‍රියාත්මක කරන දිගුකාලීන ක්‍රමවේදයක් බව ද වාර්තා වේ.

මීට පෙර 1997 දී අමෙරිකාවේ ගගනගාමී ඩේවිඩ් වුල්ෆ් අභ්‍යවකාශයේ සිට ඡන්දය භාවිත කළ පළමු ගගනගාමියා ලෙස ඉතිහාසයට එක්වූ අතර, පසුව 2020 දී ගගනගාමි කේට් රුබින්ස් අභ්‍යවකාශයේ සිට සිය ඡන්දය භාවිත කර තිබේ.

මෙහිදී සිදුවන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ නාසා මෙහෙයුම් පාලන මැදිරිය අතර සම්ප්‍රේෂණය වන බොහෝ දත්ත මෙන් ගගනගාමියා සිය ඡන්දය සංඛ්‍යාත ආකාරයෙන් යැවීම බවත්, එය නාසා පාලන මැදිරිය වෙත ලැබීමෙන් පසු අදාළ ප්‍රාන්ත නිලධාරියා වෙත යොමු කරන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඡන්දයේ රහස්‍යභාවය රැක ගැනීම සඳහා එම සංඛ්‍යාත වෙත ප්‍රවේශ වීමේ හැකියාව ගගනගාමියාට සහ ප්‍රාන්ත නිලධාරියාට පමණක් සීමා වන අතර, ගගනගාමියාගේ කැමැත්ත පරිදි අදාළ අපේක්ෂයා වෙත ඡන්දය භාවිත කිරීම නිලධාරියා විසින් සිදු කරනු ලබන්නේ ද ගගනගාමියාගේ නිරීක්ෂණයට යටතේ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

DN

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website