සිකුරාදා, 27 සැප්තැම්බර් 2024 11:13

චන්‍ද්‍රිකා-රනිල්-සජිත් මහ ඡන්දයට පොදු සන්ධානයකින් එන්න සාකච්ඡා Featured

ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් ඉදිරිපත්වීමට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් සහ හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා ආරම්භ කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී ඊයේ (26දා) ජනාධිපතිවරණයේදී ඔහුට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡා පවත්වා ඇත.

හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිට්ටඹුවේදී ඊයේ සාකච්ඡා පැවැත්වූහ.

සමගි ජන බලවේගය පක්‍ෂය සමග එක්සත් ජාතික පක්‍ෂය ද ඊයේ පොදු සන්ධානයක් ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සාකච්ඡා ආරම්භ කළ බව ආශු මාරසිංහ මහතා පැවසීය.

මෙම පොදු සන්ධානය සම්බන්ධයෙන් අද (27දා) මාධ්‍ය වෙත තොරතුරු ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා සඳහන් කළේය.

උපාලි ද සේරම්

නවතම පුවත්

ජනපති අද ජාතිය අමතයි

සැප්තැම්බර් 25 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website