බදාදා, 25 සැප්තැම්බර් 2024 11:27

නව ආණ්ඩුකාරවරු පත්කිරීම අද Featured

ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීය.

නව ජනාධිපතිවරයා පත් වීමත් සමඟ පළාත් 09 යේම ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබුණි.

ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක සහ ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සිය ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වීමට කටයුතු කළේය.

තවද උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ස් මහත්මිය සහ වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ලිපි නිකුත් කර ඇත.

මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියකින් දැනුම් දී තිබේ.

DMN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website