බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2024 12:02

බංග්ලා­දේ­ශයේ විදුලි අර්බු­දය අහස උසට Featured

විදුලි කැපිල්ලෙන් රටම අඳුරේ

නගරවලට පැය 5ක් ගම්මා­න­ව­ලට පැය 19ක්

බංග්ලා­දේ­ශයේ මේ වන විට උත්සන්න වී ඇති විදුලි අර්බු­දය හේතු­වෙන් නාග­රික ප්‍රදේ­ශ­ව­ලට පැය 5ක කාල­යක් සහ ග්‍රාමීය ප්‍රදේ­ශ­වල පැය 19ක කාල­යක් දෛනික විදුලි කප්පා­දු­වක් සිදු­වන බව එරට ‘නිව් ඒජ්‘ පුවත් සේවය වාර්තා කළේය. රටේ දැනට ක්‍රියා­ත්මක වන උප­රිම ධාරි­තා­වෙන් 45%ක් පම­ණක් භාවිත කිරී­මට අන්ත­ර්වාර රජ­යට සිදුවී ඇති බැවින් මෙගා­වොට් 12,500ක පමණ විදු­ලිය නිප­දවා පිරි­මසා ගැනී­මට සිදු­වීම ඊට හේතු වී ඇතැයි ද ‘නිව් ඒජ්‘ පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

විදුලි කප්පා­දු­වට අම­ත­රව ඉල්ලුම අධික විමෙන් ඩකා අග­නු­වර ඇතුළු ප්‍රධාන නගර රැසක පෙර නොවූ විරූ ආකා­ර­යෙන් විදු­ලිය බිඳ වැටෙන බවත්, මේ තත්ත්වය කඩි­න­මින් විස­ඳී­මට රජය අස­මත් වන්නේ නම් ඉදි­රි­යේදී එරට විදුලි සැප­යුම් පද්ධ­තිය මුළුමනින්ම කඩා වැටෙනු ඇතැයි අනා­වැකි පළ වී තිබේ.

රජයේ මෙන්ම පෞද්ග­ලික අංශයේ ද විදු­ලි­බ­ලා­ගාර 50කට වැඩි ප්‍රමා­ණ­යක් මේ වන­වි­ටත් අක්‍රිය වී ඇති අතර, ගල්අ­ඟුරු හා ඩීසල් හිඟය කඩි­න­මින් විස­ඳී­මට පිය­වර ගන්නා ලෙස අන්ත­ර්වාර රජ­යට එරට ව්‍යාපා­රික ප්‍රජාව වෙතින් දැඩි බල­පෑම් එල්ල වෙමින් පව­තින බව වාර්තා වේ.

විදුලි අර්බු­දය විසඳ ගැනී­මට හැකි සෑම උත්සා­හ­යක්ම දරන බවත්, විස­ඳුම් සොයා ගැනී­මට අසීරු ගැටලු විශාල ප්‍රමා­ණ­යක් ඇති බවත් එරට විදු­ලි­බල සංව­ර්ධන මණ්ඩ­ලය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

මෙගා­වොට් 500කට වැඩි ධාරි­තා­වක් ඇති ගල්අඟුරු විදු­ලි­බ­ලා­ගාර රැසක් මේ වන විට ක්‍රියා­ත්මක වන්නේ අර්ධ වශ­යෙන් වන අතර, මෙගා­වොට් 1,150ක් ජාතික විදුලි පද්ධ­ති­යට එක් කරන මට­ර්බරී ගල්අඟුරු විදු­ලි­බ­ලා­ගා­ර­යට සම්පූර්ණ ධාරි­තාව උත්පා­ද­නය කිරී­මට දින­කට ගල්අඟුරු ටොන් 13,000ක් අවශ්‍ය බවත්, මේ වන විට එය ටොන් 8,000කට සීමා කර ඇති බවත් වාර්තා වේ. එම සමා­ගමේ ප්‍රධාන ඉංජි­නේ­රු­ව­රයා ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් සතුව ඇත්තේ තවත් මාස එක­හ­මා­ර­කට පමණ අර්ධ වශ­යෙන් ක්‍රියා­ත්මක වීමට තරම් ප්‍රමා­ණ­වත් ගල්අඟුරු තොග­යක් පම­ණක් බවය.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website