බදාදා, 11 සැප්තැම්බර් 2024 12:24

ට්‍රම්ප් ද ? කමලා ද ? Featured

අමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් සහභාගි වූ ජනාධිපතිවරණ විවාදය ඊයේ (10) පැවැත්වුණි.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි විවාදය එය වූ අතර, එහි පළමු විවාදයට එක්වූයේ එවක ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂකත්වය දැරු වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ය.

මෙය කමලා හැරිස්ගේ පළමු ජනාධිපතිවරණ විවාදයයි.

සාම්ප්‍රදායිකව පැවැත්වෙන විවාදයේ ප්‍රධාන මාතෘකා වූයේ අමෙරිකානු ආර්ථිකය, බදු, සුබසාධන කටයුතු මෙන්ම විදෙස් ප්‍රතිපත්තිය වැනි කරුණුය.

ඊට අමතරව අපේක්ෂකයින් දෙදෙනාම එකිනෙකා වෙත වාග් ප්‍රහාර එල්ලකරගන්නා ආකාරයත් එහිදී දක්නට ලැබුණි.

අමෙරිකානු ජනාධිපතිවරණයට සමගාමීව එරට ABC මාධ්‍ය ජාලය සංවිධානය කරන මෙම විවාදය මිනිත්තු 100කට ආසන්න කාලයක් පැවති අතර එහිදී මිනිත්තු කිහිපයක වෙළෙඳ විරාම දෙකක් ද ලබාදෙයි.

එම විරාම අතරතුර සිය උපදේශකයින් සමඟ සාකච්ඡා කිරීම අපේක්ෂකයින්ට තහනම් වන අතර, පෙර සූදානම් කරගත් දේශන සහිත සටහන් රැගෙනයාමටත් අවස්ථාව හිමිවන්නේ නැත.

බොහෝදුරට මෙවර අවසන් ජනාධිපතිවරණ විවාදය මෙය වනු ඇතැයි අපේක්ෂිතය.

අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙයි.

 ADN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website