බදාදා, 11 සැප්තැම්බර් 2024 11:58

IMF විධායක මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයෙන් පාකිස්තානය ඉවතට Featured

-ණය කොන්දේසි සපුරා නැහැ

දැඩි ආර්ථික අර්බුදයකට මැදි වී සිටින පාකිස්තානයට ණය මුදල් නිදහස් කරන්නේදැයි යන්න තීරණය කිරීම මේ මස 18 වැනිදා පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකිරීම හේතුවෙන් පාකිස්තාන රජය දැඩි අසීරුතාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ පළ කර ඇති විධායක මණ්ඩල රැස්වීම් මාලාව මේ මස 9 වැනිදා සහ 13 වැනිදා පැවැත්වූ අතර, එහි අවසන් රැස්වීම 18 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, ඒ කිසිදු රැස්වීමක න්‍යාය පත්‍රයට පාකිස්තානය ඇතුළත් වී නැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මාස 37ක කාලයක් පුරා අමෙරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදලක් ඉල්ලා පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂාවෙන් පසුවන අතර, පාකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගියදා පැවැති කාර්ය මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා එකඟතාව පළ වූව ද එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් විය යුතුව ඇතැයි වාර්තා වේ.

 DVN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website