බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2024 12:04

වැඩි වැටුප් ඉල්ලා අර­ගල කළ විරෝ­ධ­තා­ක­රුවෝ බංග්ලා­දේ­ශයේ ඇඟ­ලුම් ආය­තන ගබ­ඩා­ව­කට ගිනි තබති Featured

ඉල්ලීම් රැසක් මුල් කර­මින් විරෝ­ධ­තා­වක නිර­තව සිටින ඇඟලුම් සේවක පිරි­සක් මධ්‍යම බංග්ලා­දේ­ශයේ ගාසි­පූර් නුවර පිහිටි ඇඟලුම් ආය­ත­න­යක ගබ­ඩා­වට ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විරෝ­ධ­තාවේ නිර­තව සිටි ඇඟලුම් සේවක පිරි­සක් ඊයේ දහ­වල් 1.00ට පමණ ගබ­ඩා­වට ගිනි තබා ඇතැයි ගාසි­පූර් නුවර පොලි­සිය ප්‍රකාශ කර තිබේ.

ඇඟලුම් ආය­තන ගබ­ඩාවේ ගින්න නිවීම සඳහා ගාසි­පූර් ගිනි­ නි­වන ඒක­කයේ කණ්ඩා­යම් දෙකක් එම ස්ථාන­යට පැමිණි බවත්, කුපිත වී සිටි විරෝ­ධ­තා­ක­රු­ව­න්ගෙන් ප්‍රහාර එල්ල වීම හේතු­වෙන් ආපසු හැරී ගිය බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website