සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 12:43

විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලා කරච්චි නුවර ජනතාව පැය 12ක් මහාමාර්ගය වටලයි Featured

අධික රථවාහන තදබදයෙන් නගරය නොසන්සුන්

විදුලිය සහ ජල සැපයුම සීමා කිරිමට රජය පියවර ගැනීම හේතුවෙන් පාකිස්තානයේ කරච්චි නුවර ජනතාව ප්‍රධාන මාර්ගය වටලා පැය 12ක විරෝධතාවක නිරත වූ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය. ගමනාගමනය අවහිර කරමින් පැවැති මේ විරෝධතාව හේතුවෙන් කරච්චි නුවර අතිවිශාල වාහන තදබදයක් ඇති වූ බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගිය අඟහරුවාදා පැය 10ක් පුරා එම විරෝධතාව පැවැති බවත්, මාර්ග අවහිර වීම හේතුවෙන් දිගු වාහන පෝලිම් ඇති වූ බවත් වාර්තා වේ.

මේ වන විට සතියකට අධික කාලයක් පුරා කරච්චි ජනතාව විදුලි කප්පාදුවකට මුහුණ දෙමින් සිටින අතර, දිගින් දිගටම විදුලි බිඳ වැටීම්වලට අමතරව ජල පහසුකම් ද පහත වැටීමෙන් ජනතාව දුෂ්කරතා රැසකට මැදිවී සිටින බව වාර්තා වේ. විදුලිය සහ ජල හිඟය පැවැතියද, රජය අධික ලෙස විදුලි බිල ඉහළ දමා ඇතැයි කියමින් විරෝධතාවේ නිරත වූ ජනතාව උද්ඝෝෂණයක නිරතවී ඇතැයි ද වාර්තා වේ.

කරච්චි නුවර විදුලි හිඟයට හේතුව එම නගරයට විදුලිය සපයනු ලබන කරච්චි ඉලෙක්ට්‍රික් සමාගමට පාකිස්තාන රජය මඟින් ගෙවිය යුතු රුපියල් මිලියන 185ක මුදල මෙතෙක් නොගෙවීම බව එම සමාගමේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website