බදාදා, 11 සැප්තැම්බර් 2024 12:37

රට පොහොසත් විය යුත්තේ ආර්ථිකයෙන් විතරක් නොවේ… Featured

රට තියෙන තැනට වඩා රට වෙනස් කිරිමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වීන් සිල්වා මහතා ගාල්ලේ පැවති ජන හමුවකදී පැවසිය .

රට පොහොසත් විය යුත්තේ ආර්ථිකයෙන් විතරක් නොව අධ්‍යාපනයෙන්, විනයෙන් නිතියෙන් ,සංස්කෘතියෙන් සහ මනුස්සකමින් පොහොසත් විය යුතු බව එහිදි පැවසීය.

සමාජය තුළ මේ වන විට පොලිසිය පිලිබදව හොද අකාල්පයක් නොමැත.

එය වෙනස් කර හොද ආකල්පයක් තිබෙන මිත්‍රශීලී පොලිසියක් බවට පත් කල යුතුය. අපරාධ නොමැති රටක් ගොඩ නැගිය යුතුය.
වංචා , දුෂණ , නාස්තිය , නොමැති දේශපාලන වරප්‍රසාද භාවිතා නොකරන පාලනයක් ස්ථිර ලෙස ගොඩනගන බව එහිදී පැවසීය .

රටෙහි පහසුකම් වැඩි කර ප්‍රවාහනය, අධ්‍යාපන වැනි ක්ෂේත්‍ර වල පවතින තත්ත්වය වෙනස් කිරිම සිදු කල යුතුය .

දරුවන්ට ආරක්ෂාව සහ කාන්තාවන්ගේ ගෞරවය ,ආරක්ෂාව ඇති රටක් ගොඩනැගිය යුතු බව වැඩිදුරටත් පැවසිය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website