සෙනසුරාදා, 31 අගෝස්තු 2024 09:43

ජනපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන හැටි Featured

ජනාධිපතිවරණයේදී එක් ඡන්ද දායකයකුට අපේක්ෂකයින් තිදෙනෙක් වෙනුවෙන් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.එහිදී 1,2 සහ 3 ලෙස එය සටහන් කළ යුතු බවත් කතිරය ( X) ගසා ඡන්දය සලකුණු කළ හොත් වෙනත් සලකුණ සටහන් කළ නොහැකි බවත් සදහන් කරයි.

එවැනි ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කරන බව ද පවසයි.කිසිම අපේක්ෂකයකුට ඡන්දය සලකුණු කර නොමැති විට,එක් අපේක්ෂකයකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් කතිරය සලකුණු කර ඇති විට,එක් අපේක්ෂකයකුට 1 සහ තවත් අපේක්ෂකයකුට X සලකුණු කර ඇති විට, දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇති විට, ඡන්දදායකයා හදුනාගත හැකි ආකාරයෙන් යමක් ලියා හෝ ඇඳ ඇත්නම්,1 හැර වෙනත් සලකුණක් සමග 2,3 මනාප සලකුණු කර ඇති විට සහ 1,2,3ට වඩා ඡන්ද මනාප සලකුණු කර ඇති විට ද එම ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කරන බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

DVN

 

නවතම පුවත්

උතුරට තද වැසි

අගෝස්තු 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website