අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සහතික විය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු දැකීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (07) දහවල් පැවැති සාකච්ඡාවේදීය.
කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දුම්රිය මගීන්ගේ පහසුව වෙනුවෙන් අභිනවයෙන් ස්ථාපනය කරන ලද විදත් කාලසටහන් ප්‍රදර්ශන සේවාව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මහ බැංකුවේ නව වැටුප් වැඩිවීමට අනුව එහි කාර්යාල සහායකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ අසූඅට දහසක් දක්වා ඉහළ නංවා ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ විය.
නවීන පහසුකම් සහිත විදුලි බස් රථ දෙසීයක් ධාවනයට එකතු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගේ බිරිඳට හා මව්පියන්ට තර්ජනය කර අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ලවන කුරුණෑගල දොරටියාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකයෙකුගේ වැඩ තහනමකට ලක් කර තිබේ.
වසර 2023 අවසන් වන විට ඉන්දියාව විමතිය දනවනසුලු ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි එරට සංඛ්‍යාලේඛන මඟින් තහවුරු වන බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.
පාකිස්තානයේ පසුගියදා පැවැති මහමැතිවරණයේ ඡන්ද අක්‍රමිකතා සිදු වූ බව තහවුරු කෙරෙන හඬපට දෙකක් ප්‍රසිද්ධියට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හයිටි රාජ්‍යයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් එරට ගුවන්තොටුපොළ ආක්‍රමණය කිරීම හේතුවෙන් කෙන්යානු සංචාරයෙන් පසු නැවත සිය රට බලා පැමිණීමට නොහැකි වූ එරට අගමැති ඒරියල් හෙන්රි පුවර්ටෝ රැගත් ගුවන්යානය පුවර්ටෝ රිකා රාජ්‍යයට ගොඩබැස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අධිකරණය හමුවේ ඊයේ (06) පැය හතරක රහස් ප්‍රකාශයක් ලබා දී තිබේ.