සිකුරාදා, 08 මාර්තු 2024 07:28

සංශෝධන ගේන තුරු පරාටේ නීතිය අත්හිටුවනවා Featured

අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සහතික විය.

එමෙන්ම බැංකු අංශයේ තිබෙන බේරුම්කරණ කමිටුව ක්‍රියාත්මක තත්ත්වයට පත් කළ යුතු බව ද අගමැතිවරයා අවධාරණය කළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පවතින පරාටේ නීතිය යටතේ ජනතාවගේ ඉඩම් ඇතුළු දේපොළ වෙන්දේසි කිරීමට වාණිජ බැංකු කටයුතු කරමින් සිටින බවත් එය වැළැක්වීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් සඳහන් කරමින්, විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අද දින රාජ්‍ය ඇමැතිතුමා සහභාගි වෙලා නෑ. හදිසි කාරණාවකට මූල්‍යමය සාකච්ඡාවකට කැඳවලා තිබෙන බව දැනුම් දීලා තිබෙනවා. නමුත් විපක්ෂ නායකතුමා කලින් කීප වතාවක් මේ ප්‍රශ්නය ගත්තා. මේ පරාටේ නීතිය ගැන මම සම්පූර්ණයෙන් එකඟයි. මේ පසුගිය අවුරුදු ගණනාවක් තුළ කීප වාරයක් සංශෝධනය කරලා තිබෙනවා. කියවා බැලුවොත් මම හිතන්නෙ ඔබතුමත් කියවලා බලලා තිබෙනවා වසර දහයෙන් දහයට සංශෝධනය කරලා තිබෙනවා. පළවැනියෙන් ගෙනාපු සීමාව දැන් කීප වතාවක් වැඩි කරලා තිබෙනවා. එයින් අදහස් කරන්නේ පාර්ලිමේන්තුව මේ කටයුතු කරලා තිබෙන්නේ මේ පිළිබඳ ප්‍රශ්නයෙන් ගැඹුරෙන් අවධානයට යොමු නොකර වෙන්නත් පුළුවන් මේක සම්බන්ධ කරලා තිබෙන්නේ. ඒ නිසා අප කැබිනට් මණ්ඩලය ද ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මුදල් අමාත්‍යතුමා හැටියට තීරණය කරා මේක කල් දාන්න. ඒ අතරතුර වහාම සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගේන්න යැයි ද කීවේය.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website