බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2024 09:13

පොලිස් ලොක්කෙක් කුඩු ජාවාම්කරුගෙ බිරිදගෙන් කප්පම් ඉල්ලයි.. Featured

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගේ බිරිඳට හා මව්පියන්ට තර්ජනය කර අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ලවන කුරුණෑගල දොරටියාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකයෙකුගේ වැඩ තහනමකට ලක් කර තිබේ.

එම නිලධාරියා මීට පෙර හෙට්ටිපොළ පොලීසියේ සේවය කරමින් සිටියදී මෙම විසමාචාර ක්‍රියාව සිදුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

අදාළ ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ බිරිඳ අමතා ඇති පොලිස් නිලධාරියා සැමියාට සහනදායි දඬුවමක් ලබාදීම සඳහා රුපියල් පනස් දහසක මුදලක් ඉල්ලා තිබේ.

ඊට එකඟ වී ඇති ජාවාරම්කරුගේ බිරිඳ මුලින් රුපියල් 40000ක් ලබා දුන්නද එය ප්‍රමාණවත් නොවන බව පවසා ඉතිරි දසදහස ඉල්ලා දුරකථනය මගින් තර්ජනය කර ඇත.

මෙම තර්ජනයෙන් බියට පත් කාන්තාව ඒ පිළිබඳව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබිණි.

එ් අනුව සිදුකරන ලද පරීක්‍ෂණ මත මෙම පොලිස් නිලධාරියාගේ වැඩ තහනමකට ලක්කර තිබේ.

CN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website