ආර්ථික සහ සංවර්ධන පුවත්

ජාතික චිත්‍රපටි සංස්ථාව ජාතික චිත්‍රපට නියාමන කොමිසම බවට පත් කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පෘථිවි ගෝලයේ ගුරුත්වාකර්ශනය අඩුම ස්තානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර ලෙස නාසා ආයතන විසින් හඳුනාගෙන ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.

බතලගොඩ හා අම්බලන්තොට වී පර්යේෂණායතන හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 වී ප්‍රභේද දිස්ත්‍රික් ගණනාවක ඉහළම අස්වැන්න ලබා දීමට සමත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඉන්දියාව පෙට්‍රෝලියම් බොරතෙල් ටොන් එකකට රුපියල් 4,100 සිට බිංදුව දක්වා සුළං බද්ද අඩු කර ඇත.පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් ටර්බයින ඉන්ධන සඳහා වන සුළං බද්ද බිංදුවේ නොවෙනස්ව තබන ලදී.

ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත.

රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස් දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

සිකුරාදා, 19 මැයි 2023 10:42

ඩොලරයේ මිල පහළට

අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබෙනවා.

සම්පත් බැංකුව, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට ආධාර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කරන ලදි. සම්පත් බැංකුවේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කරනු ලැබූ මෙම කාලීන පරිත්‍යාගය තුළින් දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි සුවසැරිය ගිලන් රථ 10ක් නඩත්තු කිරීම වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මෙ වසරේ 3%කින් පමණ හැකිලෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි .නමුත් 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.5කින් පමණ වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කළාය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website