ආර්ථික සහ සංවර්ධන පුවත්

අඟහරුවාදා, 02 මැයි 2023 22:42

ගෑස් මිල තවදුරටත් පහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (03) සිට යළි පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

Great Place to Work විසින් මෙරට ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන Fcode Labs (www.fcodelabs.com) ආසියාවේ සේවය කිරීමට සුදුසු හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස ලැයිස්තුගත කරනු ලැබ තිබේ.

මෙරට ජනගහනයෙන් සියයට 85 ක් මුදල් ණයට ගැනීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වූ විදයම් අඩු කිරීම, ඉතුරුම් වියදම් කිරීම හා ගෙවීමට ඇති ණය මුදල් කල්දැමීම වැනි ජීවනෝපාය මත පදනම් වූ විකල්ප ආර්ථික උපායමාර්ග වෙත යොමුවී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

පාඩු ලබන රාජ්‍ය ආයතන පසුගිය වසරේදී ( 2022) ලැබූ මුළු පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ දෙදහස් නව සීයක්( බිලියන 1029) බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා ඔවුන්ට නිදහසේ සංචාරය කිරීමට අවශ්‍ය වටපිටව සකස් කිරීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද, ඒ සදහා වන චක්‍රෙල්ඛය නිකුත් කර තිබෙන බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

උණ රෝගයට ගොදුරුව සිටි හත් හැවිරිදි දැරියකට පැරසිටමෝල් අධිමාත්‍රාවක් ලබා දීම නිසා ඇය මරණයට පත්ව ඇති බව ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක විසින් සිදුකළ මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම ඊයේ ප්‍රකාශ කළේ මෙම ගුවන් යානා 5 නවතා ඇත්තේ ගෝලීය හිඟයක් නිසා මිස ඇතැම් ප්‍රවෘත්ති වාර්තාවල වැරදි ලෙස සඳහන් කර ඇති පරිදි මූල්‍ය හිඟයක් නිසා නොවන බවයි.

ආයෝජන මණ්ඩලය (BOI) ඊයේ ප්‍රකාශ කළේ තම රේගු ප්‍රකාශන (CUSDECS) පද්ධතිය ආයෝජකයින් සඳහා වූ ක්‍රියා පටිපාටි සරල කිරීමට සහ විධිමත් කිරීම ප්‍රධාන පෙරළියක් බවයි.

ආයෝජන මණ්ඩලය (BOI) ඊයේ ප්‍රකාශ කළේ තම රේගු ප්‍රකාශන (CUSDECS) පද්ධතිය ආයෝජකයින් සඳහා වූ ක්‍රියා පටිපාටි සරල කිරීමට සහ විධිමත් කිරීම ප්‍රධාන පෙරළියක් බවයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website