ජාත්‍යන්තර පුවත්

බ්‍රසීලයේ සමුද්‍ර ජීවවිද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකට අනුව රියෝ ද ජැනයිරෝ මුහුදු සීමාවෙන් අල්ලා ගත් මෝරුන් 13 දෙනකුගේ සිරුරු තුළ කොකේන් අඩංගුව තිබූ බව තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෝරුන්ගේ මාංශපේශී සහ අක්මාවෙහි කොකේන් අඩංගුව තිබු බව එම පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී කිම් චීට්ල් මහත්මිය පිළිගෙන සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

අඟහරුවාදා, 23 ජූලි 2024 11:17

කමලා හැරිස් ජනාධිපති සටනට

ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ නව අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස් ඉදිරිපත්වීමට නියමිතය.

සය­න­යිඩ් මිශ්‍ර තේ පානය කරලා

බ්‍රහස්පතින්දා, 18 ජූලි 2024 09:27

ජෝ බයිඩන්ට කොවිඩ් ආසාදනය වෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් -19 වෛරසය ආසාදන වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

තමන්ගේ ක්‍රියා ගැන මෙනෙහි කරන ලෙසත්, අන්‍යයන්ගේ වියදමින් තමන්ට ප්‍රතිලාභ උදාකර ගැනීම නවත්වන ලෙසත් නේටෝ සංවිධානයට සහ ඇතැම් රටවලට සිහිපත් කරවන බව චීනය කියාසිටී.

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු සහ එලැඹෙන ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයාවන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව එරට සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශය පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය ඇරඹේ. ඒ, පක්ෂයේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) බෙයිජිං අගනුවර දී ය.

අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ.

සදුදා, 15 ජූලි 2024 09:56

ට්‍රම්ප් නූලෙන් බේරෙයි

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී පෙරේදා පස්වරුවේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් සිටි හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නාදුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයකින් සිය ජීවිතය නූලෙන් බේරා ගත්තේය. 78 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කර මිනිත්තු 7ක් ගතවෙද්දී එම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website