බදාදා, 24 ජූලි 2024 13:13

බ්‍රසීලයේ මෝරුන්ගේ සිරුරේ කොකේන් Featured

බ්‍රසීලයේ සමුද්‍ර ජීවවිද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකට අනුව රියෝ ද ජැනයිරෝ මුහුදු සීමාවෙන් අල්ලා ගත් මෝරුන් 13 දෙනකුගේ සිරුරු තුළ කොකේන් අඩංගුව තිබූ බව තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෝරුන්ගේ මාංශපේශී සහ අක්මාවෙහි කොකේන් අඩංගුව තිබු බව එම පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

මෝරුන්ගේ සිරුරේ කොකේන් අඩංගු බව සොයා ගත් පළමු අවස්ථාව මෙය වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිය නීතිවිරෝධී ලෙස කොකේන් ප්‍රවාහනය කිරීමේ උපක්‍රමයක් ලෙස මුහුදට හෙලනු ලබන කොකෙන් පාර්සල් මෝරුන් විසින් ගිල ගැනීම ඊට හේතු විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහස වී ඇතැයි ද වාර්තා වේ.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website