බ්‍රහස්පතින්දා, 25 ජූලි 2024 11:31

හමුදා මෙහෙයුම් නතර නොකරන බව ඊශ්‍රායල අගමැති කියයි Featured

තම රටේ යුද හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඇමරිකානු කොංග්‍රසයට ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් හෙතෙම ඊයේ (24) මේ බව කියාසිටියේය.

හමාස් සංවිධානයේ යුද බලය සහ ගාසා තීරයේ ඔවුන් සතුව පවතින පරිපාලන හැකියාව විනාශ කර, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් යුද හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව අගමැතිවරයා එහිදී සඳහන් කළේය. ගාසා තීරයේ සරණාගතයන් යළි පදිංචි කරවීමට ඊශ්‍රායලය උත්සාහ නොදරනු ඇත. එහෙත්, සමස්ත ගාසා තීරයේ ආරක්ෂාව පිළිබඳ පාලන බලය තම රට සතු විය යුතු බවත්, ඉදිරියේදී එම ප්‍රදේශය ඊශ්‍රායලයට තර්ජනයක් නොවන බවට තහවුරු කර ගත යුතු බවත් ඔහු පැවසීය.

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හා යේමනයේ හූති සංවිධානය අතර පවතින ගැටුම් පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා පැවසුවේ, තම රටේ උතුරු දේශසීමා ප්‍රදේශයේ ආරක්ෂාව උපරිම අයුරින් යළි සහතික කිරීමට පියවර ගන්නා බවයි. ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන ඕනෑම පුද්ගලයෙකුටම බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද ඔහු කියාසිටී.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website