බ්‍රහස්පතින්දා, 18 ජූලි 2024 09:30

බැංකොක් නුවර හෝටල් කාම­ර­යක මළ ­සි­රුරු 6ක් Featured

සය­න­යිඩ් මිශ්‍ර තේ පානය කරලා

තායි­ල­න්තයේ බැංකොක් අග­නු­වර තරු පහේ හෝට­ල­යක කාම­ර­යක් තුළින් විය­ට්නාම ජාති­ක­යන් 6 දෙන­කුගේ මළ­ සි­රුරු සොයා ගත් බව එරට පොලි­සිය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම මළ­ සි­රුරු සොයා­ගෙන ඇත්තේ ඒ පිළි­බඳ හෝටල් සේව­ක­යකු විසින් කරනු ලැබූ දැනුම් දීම­කට අනුව බව ද තායි­ලන්ත පොලි­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. මිය ගිය අය අතර පිරිමි පුද්ග­ල­යන් තිදෙ­නකු සහ කාන්තා­වන් තිදෙ­නකු සිටින බවත්, ඉන් දෙදෙ­න­කුට අමෙ­රි­කාවේ පුර­වැ­සි­භා­වය ඇති බවත් පොලි­සිය ප්‍රකාශ කර ඇත. ඔවුන් මිය­ගොස් ඇත්තේ සය­න­යිඩ් මිශ්‍ර වූ තේ පානය කිරීම හේතු­වෙන් බව මරණ පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වූ බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

ඔවුන් සිය­ලු ­දෙ­නාම හෝට­ල­යට පැමිණ ඇත්තේ මිය ගිය දින­යට පෙර දින­යේදී බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. මිය ගිය පුද්ග­ල­යන් අවු­රුදු 37 සිට අවු­රුදු 56 දක්වා වයස් කාණ්ඩයේ පසු­ව­න්නන් බව පොලි­සිය හඳු­නා­ගෙන තිබේ.

බැංකොක් අග­නු­වර පිහිටි ග්‍රෑන්ඩ් හයාට් හෝට­ලය වෙත වෙන් වෙන් වශ­යෙන් පැමිණ ඇති එම පුද්ග­ල­යන් කාමර 5ක් වෙන්කර­ගෙන ඇතැයි ද, ඉන් කාමර 4ක් සත්වැනි මහ­ලෙන් සහ තවත් කාම­ර­යක් පස්වැනි මහ­ලෙන් වෙන්කර ගත් බව හෝටල් සේව­ක­යන් පොලි­සි­යට ප්‍රකාශ කර තිබේ. ඔවුන්ගේ මළ­ සි­රුර හමුවී ඇත්තේ පස්වැනි මහලේ පිහිටි කාම­ර­යෙන් බවද වාර්තා වේ. පස්වැනි මහලේ පිහිටි කාම­ර­යට රැස්වූ පිරිස තේ ඇණ­වුම් කර ඇති අතර, පසුව තේ රැගෙන පැමිණී කාමර සේව­කයා එය සකස් කිරී­මට සූදා­නම් වීමේදී අමු­ත්තන් අතර සිටි කාන්තා­වක් එය ප්‍රති­ක්ෂේප කර­මින් කාමර සේව­ක­යාට පිටවී යන ලෙස ප්‍රකාශ කර ඇතැයි ද අනා­ව­ර­ණය වී ඇත.

පසුව කාමර සේව­කයා ඉන් පිටවී ගොස් ඇති අතර, ඉන් පසු ඔවුන් මිය යන අව­ස්ථාව දක්වා කිසිදු බාහිර පුද්ග­ල­යකු එම කාම­ර­යට ඇතු­ළු­වී­මක් සම්බ­න්ධව හෝ යම්කිසි සොර­ක­මක් සිදු­වී­මක් සම්බ­න්ධව හෝඩු­වා­වක් නැති බවත් පොලි­සිය ප්‍රකාශ කර ඇත. ඒ අනුව තේ කෝප්ප­ව­ලට සය­න­යිඩ් මිශ්‍ර කළ ඝාත­කයා ඔවුන් අත­රම සිටි අයකු බවට පොලි­සිය අනු­මාන කර තිබේ. මිය ගිය සියලු පුද්ග­ල­යන් ධන­ව­තුන් වන අතර, ව්‍යාපා­රික ආර­වු­ලක් ඊට හේතු­ව­න්නට ඇතැයි තායි­ලන්ත පොලි­සියේ විශ්වා­සය වී ඇත.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website