අඟහරුවාදා, 16 ජූලි 2024 10:45

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛ පෙළේ සැසියක් චීන ජනපති ප්‍රධානත්වයෙන් Featured

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය ඇරඹේ. ඒ, පක්ෂයේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) බෙයිජිං අගනුවර දී ය.

‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන ලක්ෂණ සහිත නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ කෙටුම්පත’ ජනාධිපතිවරයා එහිදී විග්‍රහ කළේය.

ෂී ජින් පිං මහතා ස්ථිර දේශපාලන අධිෂ්ඨානයකින් හා වගකීමකින් යුතුව රටේ අංගසම්පූර්ණ ප්‍රතිසංස්කරණ තවදුරටත් තහවුරු කිරීමට නායකත්වය දෙමින් චීන ලක්ෂණයෙන් යුතු නවීකරණ වැඩපිළිවෙළේ නව පරිච්ඡේදයක් ඇරඹීමට ද ශක්තිය ලබා දී ඇත. හෙතෙම ගෙවුණු දශකය තුළ චීනයේ විවිධ නගර, ගම්බිම්, කම්හල් හා ගොවිබිම්වල සිටින ජනතාවගේ හඬට සවන් දෙමින් ඔවුන්ගේ ගැටලු විසඳීමේ යාන්ත්‍රණය සකස් කරමින් සිටී.

 

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website