චීන-ප්‍රංශ උසස් අධ්‍යාපන සංසදය පැරිස් නුවර දී පැවැත්වෙයි. චීන අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රංශ උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ එය 21 වැනිදා පැවැත්විණ.
ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ ළාබාලතම උපාධිධාරියා ලෙස ඉන්දීය සම්භවයක් සහිත 12 හැවිරිදි සිසුවකු නිව්යෝක් නුවර මැල්වර්න් උසස් විද්‍යාලයෙන් උපාධිය ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ආසියානු සංචාරයේ දෙවැනි හා අවසන් අදියර ලෙස වියට්නාම සංචාරය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වසර කිහිපයක සිට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සහ ඉරාන හිතවාදී සමාජ ක්‍රියාකාරී කණ්ඩායම්වලින් එල්ලවූ බලපෑම්වලට අවනත වෙමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී හමුදාව ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමට කැනඩාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහල් 50කට අධික සංඛ්‍යාවකට හා ඉන්දියාව පුරා පිහිටි ගුවන් තොටුපොළවල් 41කට ඊයේ (19 දා) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලයේ දී විද්‍යුත් තැපෑල (ඊ මේල්) හරහා බෝම්බ තර්ජන ලැබීම හේතුවෙන් එම රෝහල් හා ගුවන් තොටුපළවල දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මේ වසර අගභාගයේදී ඉන්දීය ගුවන් හමුදාව එරට පළමුවරට බහුජාතික ගුවන් අභ්‍යාසයක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය රටවල ගුවන් හමුදා එම දැවැන්ත ගුවන් අභ්‍යාසයට එක්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළත් ‘ෆයිව් අයිස්‘ නමින් හඳුන්වනු ලබන ජාත්‍යන්තර බුද්ධි සංවිධානය චීනය විදෙස් රටවලින් පුද්ගලයන් සම්බන්ධව අනතුරු ඇඟවීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.