බ්‍රහස්පතින්දා, 20 ජූනි 2024 11:01

පළ­මු­ව­රට ඉන්දි­යාවේ බහු­ජා­තික ගුවන් අභ්‍යා­ස­යක් Featured

මේ වසර අග­භා­ග­යේදී ඉන්දීය ගුවන් හමු­දාව එරට පළ­මු­ව­රට බහු­ජා­තික ගුවන් අභ්‍යා­ස­යක් සිදු කිරී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කාව, බ්‍රිතා­න්‍යය, ඔස්ට්‍රේ­ලි­යාව, ප්‍රංශය, ජර්ම­නිය, ජපා­නය, සිංග­ප්පූ­රුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය රට­වල ගුවන් හමුදා එම දැවැන්ත ගුවන් අභ්‍යා­ස­යට එක්වී­මට නිය­මිත බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එම ගුවන් අභ්‍යා­ස­යට ක්වෝඩ්, නේටෝ වැනි ජාත්‍ය­න්තර සංවි­ධා­න­ව­ලට අයත් රට­වල් ද, යුරෝ­පයේ ප්‍රබ­ල­තම රට­වල් ලෙස බ්‍රිතා­න්‍යය, ප්‍රංශය හා ජර්ම­නිය ද එක්වන අතර, ‘තරං ශක්ති – 2024‘ නමින් පැවැ­ත්වී­මට නිය­මිතය. අදි­යර දෙක­කින් යුතුව පැවැ­ත්වෙන බහු­ජා­තික ගුවන් අභ්‍යා­සයේ පළමු අදි­යර ලබන අගෝ­ස්තුවේ පළමු දෙස­තිය තුළ දකු­ණු­දිග ඉන්දි­යාවේ පැවැ­ත්වෙන අතර, දෙවැනි අදි­යර අගෝස්තු මස අව­සන් භාගයේ දී ඇරඹීමට නියමිතය.

 DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website