බදාදා, 19 ජූනි 2024 16:20

ජාත්‍යන්තර බුද්ධි සංවිධානය චීනයට ඇස යොමයි Featured

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළත් ‘ෆයිව් අයිස්‘ නමින් හඳුන්වනු ලබන ජාත්‍යන්තර බුද්ධි සංවිධානය චීනය විදෙස් රටවලින් පුද්ගලයන් සම්බන්ධව අනතුරු ඇඟවීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ මස මුල් භාගයේදී අමෙරිකාව සහ එහි බුද්ධි සේවා වාර්තා උපුටා දක්වමින් එම අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

චීනයේ මහජන විමුක්ති හමුදාව විසින් කැනඩාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාව වැනි රටවල හිටපු ප්‍රහාරක ගුවන්යානා නියමුවන් බඳවා ගන්නා බවත්, ඔවුන් බඳවා ගනු ලබන්නේ දකුණු අප්‍රිකාව සහ චීනය කේන්ද්‍ර කරගත් පෞද්ගලික ආයතන මඟින් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම නිලධාරීන් චීන විමුක්ති ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ආධුනික නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා බවත් අමෙරිකානු බුද්ධි සේවා වාර්තා මඟින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බටහිර රටවල හිටපු ප්‍රහාරක ගුවන්යානා නියමුවන් ඉහළ වැටුප් තලයකට බඳවා ගනු ලබන්නේ බටහිර යුද උපායමාර්ග අත්කර ගැනීමට බව ද අමෙරිකානු බුද්ධි සේවා වාර්තා කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

DMN

 

Last modified on බදාදා, 19 ජූනි 2024 16:21

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website