සෙනසුරාදා, 22 ජූනි 2024 09:19

සමාජ මාධ්‍යජාලයට අනතුරු ඇඟවීමේ ලේබලයක් අවශ්‍යයි Featured

අමෙරිකාවේ සෞඛ්‍ය ප්‍රධානියා කොන්ග්‍රසයෙන් ඉල්ලයි

අමෙරිකාවේ ක්‍රියාත්මක වන සියලු සමාජ මාධ්‍යජාලා සඳහා අනතුරු ඇඟවිමේ ලේබලයක් සටහන් කළ යුතු බවට එරට සෞඛ්‍ය ප්‍රධානි වෛද්‍ය විවේක් මූර්ති අමෙරිකානු කොන්ග්‍රසයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සියලු සමාජ මාධ්‍ය තුළින් තරුණ පරපුරට සිදුවන බලපෑම් සැලකිල්ලට ගෙන එය අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයි ද ඔහු අවධාරණය කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අමෙරිකාවේ මහජන සෞඛ්‍ය සේවා කොමිසමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඉන්දීය සම්භවයක් සහිත වෛද්‍ය විවේක් මූර්ති වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එරට තරුණ පරපුරේ මානසික සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරමින් මේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබූ බවය. අමෙරිකාවේ අවුරුදු 13ත්, අවුරුද 17ත් අතර පසුවන තරුණ තරුණියන්ගෙන් 95%ක්ම සමාජ මාධ්‍යජාලය භාවිත කරන අතර, ඉන් තුනෙන් කොටසක්ම සම්පූර්ණයෙන්ම අඛණ්ඩව සමාජ මාධ්‍යජාලයට හුරුවී සිටින බව වාර්තා වේ.

වෛද්‍ය විවේක් මූර්ති වසර 2021 සිට අමෙරිකාවේ සෞඛ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, ඔහු ඊට පෙර 2013 වසරේ සිට 2017 වසර දක්වා ද එම තනතුරෙහි කටයුතු කර තිබේ.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website