ජාත්‍යන්තර පුවත්

වෙබ් අඩවි සහ පරිශීලකයන්ගේ අතරමැදියකු ලෙස කටයුතු කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක නිරත වු සයිබර් අපරාධකරුවකු අත්අඩංගුවට ගත් බව අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගිනි අවියක් මිල දී ගැනීමේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම හෙළිදරව් නොකිරීම හේතුවෙන් එරට ෆෙඩරල් නීතිය යටතේ පවරනු ලැබූ නඩුවෙන් අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

- මිය ගිය අය අතර ඉන්දීය ජාතිකයෝ රැසක්

ටෝනේඩෝ අනතුරු ඇඟවීමක් හේතුවෙන් අවසන් මොහොතේ අවලංගු කළ උපාධි ප්‍රදානෝත්සවයක් වසර 50කට පසු පැවැත්වීමේ විස්මයජනක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොව විශාලතම එළිමහන් වෙළෙඳපොළ ලෙස ප්‍රකට තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි චටුචක් සති අන්ත වෙළෙඳපොළේ පසුගියදා ඇති වූ ගින්නකින් එහි අලෙවිය සඳහා කූඩු කර තැබූ විවිධ වර්ගයේ සතුන් 1000කට වඩා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජන­පති මැක්‍රොන් පාර්ලි­මේ­න්තුව විසු­රු­වයි

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස තුන්වැනි වරටත් ඊයේ දිවුරුම් දුන්නේය. ඒ සමඟම ඔහු තුන්වැනි වරටත් අගමැති ධුරයට පත්වූ දෙවැනි රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය ඉතිහාසයට එක්විය. මීට පෙර අවස්ථා තුනකදී එරට අගමැති ධුරයේ කටයුතු කර ඇත්තේ ජවහර්ලාල් නේරු පමණක් බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

දෙවැනි ලෝක මහා යුද සමයේදී අමෙරිකානු හමුදාව විසින් සිදු කරනු ලැබූ ඓතිහාසික මෙහෙයුම සිහි කිරීමට පසුගියදා උතුරු ප්‍රංශයේ නෝමැන්ඩි මුහුදු තීරයේ පසුගියදා පැවැති 80 වැනි සංවත්සරය අතරතුර අපූරු විවාහ මංගල්‍යයක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඩෙන්මාර්ක අගමැතිනිය මෙට් ෆ්‍රෙඩ්රික්සන් ට කෝපන්හේගන්හිදී පුද්ගලයෙකු පහරදී තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website