බ්‍රහස්පතින්දා, 13 ජූනි 2024 06:38

කුවේට් රාජ්‍යයේ නේවාසික ගොඩනැඟිල්ලක ගින්නකින් 41ක් මරුට-50කට තුවාල Featured

- මිය ගිය අය අතර ඉන්දීය ජාතිකයෝ රැසක්

කුවේට් රාජ්‍යයේ නේවාසික ගොඩනැඟිල්ලක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 41 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ අලුයම ගින්න හටගෙන ඇත්තේ එරට මංගෆ් නුවර පිහිටි මහල් 6ක ගොඩනැඟිල්ලක මුළුතැන්ගෙයක බව වැඩිදුරටත් වාර්තා වේ. විදෙස් රටවලින් රැකියාව සඳහා පැමිණ සිටි පුද්ගලයන් 160 දෙනකු පමණ පදිංචිව සිටින බව කියන එම ගොඩනැඟිල්ලේ ගින්නෙන් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

දැඩි පරිශ්‍රමයකින් පසු ගිනි නිවන හමුදාව ගින්න මැඬ පැවැත්වීමට සමත් වී ඇති අතර, තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට ද පියවර ගෙන තිබේ.

මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයන්ගේ අන්‍යනතාව සහ ඔවුන්ගේ රැකියා පිළිබඳ ඊයේ පස්වරුව වනතුරු කිසිදු තොරතුරක් වාර්තා නොවන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කෙසේ වුවද එම ගොඩනැඟිල්ලේ නේවාසිකව සිටි අය ආසියාතිකයන් බවත්, මිය ගිය අය සහ තුවාල ලැබූ අය අතර ඉන්දීය ජාතිකයන් 30කට වැඩි පිරිසක් සිටින බවත් වාර්තා වේ.

DMN

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website